කොරෝනා වලින් පසු අපිට සිදුවන්නේ කුමක්ද?
අපිට යන්නට වන්නේ ආපසු පරන තැනටත් වඩා පහලට නොවේද?
2008 හටගත් ආර්ථික අර්බුදයෙන් පසුව දකින්නට ලැබුනේ කුමක්ද?
එහි සමස්ත බර පැටවූයේ වැඩකරන ජනයාගේ කරමත නොවේද?
ඒ අර්බුදය තුල ධනවතුන් දුප්පත් උනාද? නැතිනම් තව තවත් පොහොසතුන් වුනාද?
ලෝකෙ දියුනුද? තාක්ෂණය දියුනුද?
ලෝක ජනගහනයට සරිලන ආහාර නිෂ්පාදනයක් සිදු වන්නේ නැතිද?
එහෙනම් ලෝක ජනගහනයෙන් කොටසක් දිනපතා බඩගින්නේ මැරෙන්නේ ඇයි?
එයිනුත් බහුතරය කුඩා ළමුන් වීම ඛේදවාචකයක් නොවේද?
අපි ඒ ගැන දන්නවාද?
දන්නවානම් එය දැනගෙනත් අපි ඒ වෙනුවෙන් කරන්නේ කුමක්ද?
අපට කිසිවක් කිරීමට නොහැකිද? නොහැකියැයි පැවසීමෙන් එහි වගකීමෙන් නිදහස් වන්නට අපට පුලූවන්ද?
ලෝකෙට ඇති තරම් ආහාර නිපදවලත් කොටසක් බඩගින්නේ මැරෙන්නේ කාගෙ වරදින්ද?
ඊට වගකිව යුත්තේ ලෝකය පුරා අණසක පතුරුවා ගෙන සිටින බලවතුන් නොවේද?
කොරෝනා වසංගතයෙන් ජන ජීවිත බේරා ගන්නට ඔවුන් සමත් උනාද?
එසේනම් නව ලිබරල් ධනවාදය දැන් වලංගුද?
අප පමනක් නොව විවිධ රටවල පාලකයින්ල, කර්මාන්ත කරුවන් දැන් කියමින් සිටින්නේද හැකි තරම් තමන්ගෙම රටතුල ආයෝජනය කරන්න, තම රටේ නිෂ්පාදන සේවා කටයුතු සඳහා හැකිතරම් යොමුවන්නැයි කියාය. ඉතාලියේ කර්මාන්ත කරුවන්ගේ සංගමයේ නව සභාපති මෙම අර්බුදයෙන් ගොඩ එන්නට යෝජනා කරන විසඳුම කුමක්දැයි ඇසූ පැනයට පිලිතුරු සැපයූයේ එසේය. නව ලිබරල් චින්තනයට පටහැනිව ඔවුන්ට එසේ කියන්නට සිදුව ඇත්තේ එය තවදුරටත් එය වලංගු නොවන නිසා නොවේද?
ඔබට මේ ගැටලූ සඳහා පිලිතුරු ගලපා ගන්නට හැකිනම්ල,නියත වශයෙන්ම මේ නව ලිබරල් සමාජ ආර්ථික ක‍්‍රමය මේ වන විට අසාර්ථක බව වැටහේවි. එසේ නම් ඊලග පැනය ඊට විකල්පය කුමක්ද යන්නයි. මේ මොහොතේත් ධනවාදයට විලක්පය සමාජවාදය බව ලොවපුරා සිදුවීම් පෙන්වා දෙයි. වැඩ කරන ජනයා සූරාකන, ලාබ කඳු ගොඩ ගහන, මුලූ ලෝකෙම දේපළ ධනය තමන් අතට නතුකරගෙන සිටින, වැඩ කරන අති බහුතර ජනයාගේ මූලික වුවමනාවන්වත් සරිකර දෙන්නට අසමත්, මෙවැනි වසන්ගත අවස්ථාවකදීවත් ඔවුන් සඳහා නිසි දීමනාවක්, වැටුපක්, බඩු මල්ලක් ලබාදෙන්නට අසමත් ධනවාදය වෙනුවටල ලාබ කඳු ධන කුවේරයන්හට අත්පත්කර දෙනවා වෙනුවට, එහි ප‍්‍රතිලාභ වැඩ කරන ජනයා හට බෙදෙන, ලාබ සඳහා නොව මිනිසුන් ජීවත්කරවීම සඳහා පරිසරයත් රැකගෙන නිශ්පාදන කාර්යයේ යෙදෙන්නට හැක්කේ සමාජවාදයට නොවේද? එසේනම් අප කැපවිය යුත්තේ ඒ විකල්පය යථාර්තයක් කර ගැනීමටද නැතිනම් ආපසු පැරණි තැනටම පල්ලම් බැසීමද? සිතා බලන්න.