රෙද්දේ රෙවුනු පසු පව්ඩර් හැලීම.

දැන් ඇමැතිතුමා කීවොත් අට්ටාලයක් ගහනවද?
පය බරවායට පිටිකර බෙහෙත් බදින්නා වගේ.
කමක් නෑ දැන්වත් එකතුවෙලා යමක් කරන එක හොදයි.
මේක ගැන දැන් අමුතුවෙන් හෑලි ලියලා වැඩක් නෑ.
ඉතුරු සියල්ල වාසනාව හා පශු වෛද්‍ය ඒකකය මත තියෙන්නෙ.
හැබැයි සති දෙකකට කලින් ගොඩාක් දේවල් වෙනස් වෙන්න තිබුන.
එක්කො එහෙම නොවුනෙ ඇමැතිතුමා ගියේ නැති නිසා වෙන්න ඇති.
අනෙක් දවසෙ ඔහොම දෙයක් උනොත් මුලින්ම ඇමතිතුමා යන්න.
එතකොට දෙන උපදෙස් අනුව වැඩේ යාවි.
මොකද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ ටික සේරම දැන් පිට අය කරනවනෙ.වියදමක් නෑ.
මරු දෛනිකව රටට ආදායම් ගේන ලාභ ලබන දෙපාර්තමේන්තුවේ වැඩ ටික.
රටම කන්නෙ මේ අහිංසක සතුන් විකුනාගෙන.
වරදින්න හෝ හරියන්න භූමියේ පර්‍යේසන කරන්න.
ඒව කරන්න වෙන්නෙත් සජීවි සත්තු එක්කම තමයි.
මැරුනද නැද්ද වැඩේ සාර්ථක අසාර්ථක නෙවෙයි.
ඒ පර්‍ය්ශන ප්‍රතිඵල තමයි ඊලඟට වැදගත් වෙන්නෙ.
මේක සබ්ජෙට් එක දන්න එකා දන්නවා.
නොදන්නා උන් සේරම වටවෙලා සංරක්ෂණ හරි අපූරුවට කරනව.
කටින් සංරක්ෂණ හැඟීම් සංරක්ෂණ පසෙකලා දෙපාර්තමේන්තුව වඩාත් වගකීමෙන් පරිස්සමෙන් මේ ගමන යන්න.
ඉතින් අපි තවත් සංදර්ශනයක් නැරබුවා වෙනව.

Sameera Weerathunga

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...