දේශපාලකයකුගේ ඔලමොට්ටල කතාවක් නිසා සිද්ධ වෙච්ච දෙයක්

වඳුරන් රිළවුන් නෙවෙ හෙට උදේ අලි සමූහ ඝාතනයක් උනත් කරන්න දෙයක් නෑ

ඕනෑම ප්‍රාකාශයක් කල හැකි.හැබැයි එහි තාක්ෂණික ක්‍රියාවලිය පැහැදිලි කල යුතුයි.මෙවැනි ප්‍රකාශ තුලින් යම් යම් සාධනීය තීන්දු තීරණ උනත් ගන්න කලින්ම මිනිස්සු තමුන්ගේ බලය අයුතු විදිහට පාවිච්චි කරනවා. ඒකෙ ප්‍රතිඵල බොහොම බයානකයි හෙට උදේ වෙද්දී සතුන් සමූල ඝාතනයක් වුවත් කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා.

මට මේ වෙලාවෙ හම්බෙගමුව කුකුල් කටුවෙ ගෝථාභය රාජපක්ෂගේ ගම සමග පිලිසදර මතක් වෙනව. සේරම කැලේ කපල වගාකරගන්න කීව. එදාම රෑ උඩවලව බෝගහපට්ටිය යා කරන එකම දුර්වල අලි මංකඩ උන දහයියාගල අභයභූමිය ගොවීන් 300ක් පමණ ඇවිත් කපන්න පටන් ගත්ත හැටි මතක් උනා.

බලය ගැනීමට පෙර හා බලය ලබාගත් පසු සංවේදී විදිහට විද්‍යාත්මකව ගැටලු දිහා බලනවා කියන මිනිසුන්ගේ උද්ධච්ච ප්‍රකාශ බොහොම භයානකයි ඉදිරි පැවැත්මට. එනිසා පරිසරය සහ මිනිසා කියන සාධකයේදී සහජීවනය නොමැති ගමනක් නෑ.
ඒ වගේම ආසන්න අවුරුදු 10 තුල රටේ වන විනාශය,කන්ඩනය,හායනය,ගුණාත්මකබව,ප්‍රමාණාත්මකබව ගැනත් අධ්‍යනය කරලම ප්‍රකාශ නිකුත් කරන්න. විශේෂයෙන්ම මොකුත් බැරිනම් google history ගිහින් අපේ ස්වභාවික වන වැස්මට උනේ මොකද්ද බලන්න. වැඩි දුර එපා,ආසන්න අවුරුදු 10 ට යන්න.

U.S.Weerathunga
2024 12 05

ලාල් කාන්තගේ වගකීම් විරහිත ප්‍රකාශය වන සතුන්ට බරපතළ හානි ගෙන දිය හැකියි

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...