Breaking News

ආණ්ඩුවේ ප්‍රෝඩාව හෙළිවෙයි පරිප්පු සැමන් මිල පාලනය ඇන්ඳීමක්

පරිප්පු සහ සැමන් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ උපරිම සිල්ලර මිල ඉකුත් 30 වැනිදා සිට ඉවත් කරමින් පාරිභෝගික අධිකාරිය මගින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පරිප්පු කිලෝවක් සඳහා රුපියල් 65කද, ග්‍රෑම් 425ක මාලු ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 100ක් වශයෙන්ද ඉකුත් මාර්තු 17 වැනිදා සිට ගැසට් නිවේදනයක් මගින් නියම කර තිබුණි. එහිදී ආණ්ඩුව ප්‍රකාශ කළේ ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල අඩුවී ඇති නිසා එම සහනය පරිප්පු සහ සැමන් මිල අඩුකිරීම හරහා ජනතාවට ලබාදෙන බවයි. එසේම කොරෝනා වසංගතය වෙනුවෙන් ජනතාවට ලබාදෙන සහනාධාරයක් වශයෙන්ද එය හඳුන්වා තිබුණි.

leave a reply