නලින්ද ගන්න තීරණ, අනාගත සෞඛ්‍ය සේවාවට ඉතා නරක විදිහට බලපානවා

අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ බඳවා ගැනීම් ගැන නලින්දලා ගන්න තීරණ, අනාගත සෞඛ්‍ය සේවාවට ඉතා නරක විදිහට බලපානවා

වෘත්තීමය උපාධිධාරියෙක් සේවාවට බඳවා ගැනීමේදී, සීමාන්තික සාධක මතුවූ විට තෝරාගැනීමක් සිදු කිරීම පිළිබඳව අපි එකඟයි. උපාධියක් කරන හැමෝටම රජයේ රැකියා දෙන්න ඕනේ කියන මරිමෝඩ අදහස විශ්වවිද්‍යාල සිසුන් තුල පැල පදියම්කලේ නලින්දලාම තමයි.

නමුත්, වෘත්තීමය සුදුසුකම් සියල්ල සැපිරූ උපාධිදාරියෙකුගේ කුසලතාවය සලකා බැලිය යුත්තේ එම උපාධිදාරීන්ගේ අදාළ විෂය දැණුම මිස, සාමාන්‍ය දැනීම නොවේ. එහෙම කුසලතාවයක් බලන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට විශය දැණුමක් නෑ. ඒක කරන්න ඕනේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ අදාළ අධ්‍යාපනඥයින් විසින්. නලින්ද හදන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හරහා විභාග තියාලා, ලකුණු හොරකම් කරලා, කාඩර්වරුන්ට රස්සා දෙන්න. JRලගේ කාලේවත් එහෙම දේවල් වුණේ නෑ.

නලින්ද හොඳටම දන්නවා වෛද්‍ය නිලධාන්ගේ කුසලතාවය මනින හැටි. සමසෞඛ්‍ය උපාධිදාරීන්ට අලුත් ක්‍රමයක් ඇයි. නලින්ද අවංකව තීරණ ගන්න කෙනෙක් නම් තමන්ගේ කුසලතාවය පෙන්නපු විදිහට, සමසෞඛ්‍ය වෘත්තිකයන්ගේ කුසලතාවය මනින ක්‍රමය හදන්න මග පෙන්නවන්න ගොඩාක් අමාරු නෑ

රවී කුමුදේශ්
සභාපති
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...