විෂබීජහරණ කුටි බාවිතය සහ මිනිසුන් මතට විෂබීජ නාශක දියර ඉසීම කරන්න එපා – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

Date:

මුළුමහත් පරිසරයම අධික ලෙස විෂබීජහරණය කිරීමක් අවශ්‍ය නොවන අතර රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයන්ගෙන් ස්වභාවික පරිසරයට නිකුත් කිරීම මගින් රෝග නිවාරණයට ලැබෙන රුකුලට වඩා පරිසරයටත්, මිනිසාටත්, අවට ජීවත්වන සතුන්ටත් වන හානිය අතිමහත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. එහිදී විෂබීජ හරණය කුටි භාවිතය හෝ මොනයම් ආකාරයකින් මිනිසුන් මතට හෝ අවට පරිසරය මතට විෂබීජ නාශක දියර ඉසීම කිසි විටෙකත් අනුමත කළ නොහැකි බව එම කාර්යාංශය පවසයි. මිට අමතරව ක්ෂුද්‍ර ජීව විද්‍යාවේදීන්ගේ සංගමය ද මේ බව පවසමින් නිවේදනයක් නිකුත් කර ඇත. පහත දැක්වෙන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කර තිබූ නිවේදනයයි.

විද්‍යානුකූලව විෂබීජහරණය කරමු

පුද්ගලික ස්වස්ථතාවය පිළිබඳව බොහෝ හොඳ දේවල් සමාජ ගත කෙරුණු මේ අවස්ථාවේදී, සීමාව ඉක්මවා කිරිමට ගොස් මිනිසාටත්, පරිසරයටත් හානිදායක දේවල් සිදු නොකිරීමට අප විසින් වගබලා ගත යුතුය.

අධික ලෙස මුළුමහත් පරිසරයම විෂබීජහරණය කිරීමක් මෙහිදී අවශ්‍ය නොවන අතර රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයන්ගෙන් ස්වභාවික පරිසරයට නිකුත් කිරීම මගින් රෝග නිවාරණයට ලැබෙන රුකුල ට වඩා පරිසරයටත්, මිනිසාටත්, අවට ජීවත්වන සතුන්ටත් වන හානිය අතිමහත්ය.

විෂබීජ හරණය කුටි භාවිතය හෝ මොනයම් ආකාරයකින් මිනිසුන් මතට හෝ අවට පරිසරය මතට විෂබීජ නාශක දියර ඉසීම කිසි විටෙකත් අනුමත කළ නොහැක. එමඟින් ශරීරය තුළ පවතින විසබීජ ඉවත් වීමක් හෝ රෝග සුව වීමක් සිදු නොවන අතර, මෙමගින් පුද්ගලයෙකුගේ පෙනහළු වලට හානි සිදුවිය හැකි බවත්, එමගින් රෝගය උත්සන්න වීම සිදු විය හැකි බව සෞඛ්‍ය අංශ මගින් දැනුවත් කර ඇත.

ක්ෂුද්‍ර ජීව විද්‍යාවේදීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතා අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, මෙම රෝගය පැතිරීම වැළැක්වීමට කළ යුත්තේ පුද්ගලයින් බහුලව පරිහරණය කරන පෘෂ්ඨයන් සහ මතුපිටවල් විසබීජහරණය කිරීමයි. විශාල වශයෙන් රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් පමණක් මෙය නියමාකාරව සිදු නොවන අතර මේ සඳහා මෙම පෘෂ්ඨයන් විෂබීජ නාශක දියර මගින් පිස දැමීම කළ යුතු බව දැනුම් දී ඇත.

රෝගයෙන් ආරක්ෂා වීම සඳහා වඩාත් වැදගත් වනුයේ තමාගේ දෑත් පිරිසිදුව තබා ගැනීම, නාසය ඇස් සහ මුඛය වරින්වර ඇල්ලීමෙන් වැළකී සිටීම, උණ සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණ ඇත් නම් නිවස තුළම සිට අවශ්‍ය උපදෙස් සෞඛ්‍ය අංශ මගින් ලබාගැනීම සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමයි.

ක්ෂුද්‍ර ජීව විද්‍යාවේදීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනය පහත ලින්කුවෙන් ලබාගත හැක.

http://slmicrobiology.lk/use-of-decontamination-chambers-and-spraying-of-disinfectants-in-public-spaces-to-minimize-spread-of-covid-19-virus/

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...