Breaking News

වෛද්‍ය මාෆියාවේ අලුත්ම බිල්ල වකුගඩු රෝගීන්

වකුගඩු ජාවාරමට සිදු වූයේ කුමක්ද ?

ඉන්දියාවේ වකුගඩු ජාවාරමේ ගොදුරු බවට පත් වුවන්

Organ-trafficking mafia thriving in Sri Lanka – Indian Police වෛද්‍ය මාෆියාවේ අලුත්ම බිල්ල වකුගඩු රෝගීන් – උපාලි ද සේරම් – මාධ්‍යවේදී – දිවයින පුවත් පත

Kidney racket has roots even in Sri Lanka – Daily News වකුගඩු ජාවාරම ශ්‍රී ලංකාවේ මුල් ඇදීමට ඉඩ නොතබමු – මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි

Due to the lapse of existing legal mechanisms organ trafficking mafa occurs widely in Sri Lanka – Dilshani Yapa s Attorney-at-Law of Supreme Court of Sri Lanka වකුගඩු ජාවාරමට වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් නොවන පිරිසක් සම්බන්ධ වී ඇත- වෛද්‍ය ජයසුන්ද බණ්ඩා- දන්ත වෛද්‍ය සේවා අධ්‍යක්ෂ / ජනරාල් වකුගඩු ජාවාරම පිළිබඳ පංච පුද්ගල විමර්ෂණ කමිටුවේ සභාපති

This gaping hole between demand and the legal supply of kidneys is being filled by what may be the world’s biggest black market for organs, which criss-crosses India, Nepal, Bangladesh, Pakistan, Sri Lanka and Iran – Need a kidney? Inside the world’s biggest organ market -AL JAZEERA මෙරට වෛද්‍ය ක්‍ෂේත‍්‍රයට කළු පැල්ලමක් එකතු කළ මහා පරිමාණ වකුගඩු ජාවාරමට සම්බන්ධ ශ‍්‍රී ලාංකීය වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෝ වීම නිසා කෙසේ හෝ නීතියේ රැහැනට හසුනොවී බේරී සිටිති.-වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

Sri Lanka appears to be facing a major kidney problem — not only physically but also morally and legally. – Daily Mirror වකුගඩු ජාවාරම ගැන පරීක්‍ෂණ කතාවට විතරයි… පරීක්ෂණ නතරවෙලා – ඒමන්ති මාරඹේ – මාධ්‍යවේදිනී

වකුගඩු ජාවාරම ගැන සොයන්න – ලංකාදීප පුවත් පත

                                     ඉන්දියාවේ වකුගඩු ජාවාරමේ ගොදුරු බවට පත් වුවන්

සියල්ල විකුණන මිනීමස් ජාවාරමෙන් හෝ පොහොසතුන් වීමට උත්සහ කරන මිනිසුන් හදන මේ සමාජය ගැන තව වරක් කල්පනා කරන්නැයි අපි ඔබෙන් ඉල්ලමු – ජනරළ

රටේ මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ආයුධ ජාවාරම, ඖෂධ ජාවාරම් ගැන අපි නිතර කතා කර ඇත්තෙමු. වගකිව යුතු අංශ ඒවා මර්දනය කිරීමේ විවිධ වැඩපිළිවෙළ හා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බවද කීවෙමු. එහෙත් දැන් සිදුව තිබෙන්නේ වෘත්තීය ආචාර ධර්මයන්ට යටත්ව කටයුතු කරන වෛද්‍යවරුන් යෑයි කියාගන්නා පිරිසක්‌ම මිනිස්‌ අවයව ජාවාරමට ද රට විවෘත කිරීමය – ( දිවයින පුවත් පත කතුවැකිය)

ශ්‍රී ලංකාවේ, ඉන්දුනීසියාවේ සහ නේපාලයේ වකුගඩු ජාවාරම් ජාලයක් – Lanka Truth

වකුගඩු ජාවාරම නිසා ලංකාවේ සෞඛ්‍ය ක්ශේත්‍රය අපකීර්තියට පත් වනවා – අනුර කුමාර දිසානායක – පාර්ලිමේන්තු මන්ත්‍රී /ජනතා විමුක්ති පෙරමුණේ නායක

වකුගඩු ජාවාරමේ පරීක්ෂණ අතරමඟ නැවතිලා – Lanka Views

හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්‌ වන නිසා වකුගඩු ජාවාරම් පරීක්‍ෂණ සෞඛ්‍ය අමාත්‍යාශයට පවරන්න එපා – මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමි

Once the Surgeon is ready to do the transplant the donor is undergoing basic tests in the Jaffna Hospital under Dr. Ranga Migara Weerakkody and, if everything is satisfactory the broker brings the donor to Colombo for the surgery. Over the years asylum seekers were selling their kidneys so they could pay to get on a boat to Australia. (Lanka News Web)

“ඔය චෝදනා වලට සම්බන්ධ වෛද්‍යවරයා යාපනය රෝහලේ සේවය කළා. ඔහුට පරික්ෂා කිරීම සඳහා නිරන්තරයෙන්ම තැරැව්කරුවන් කිහිප දෙනෙකු විසින් තරුණයන් ගෙන ආවා, මේ තරුණයන් කිසිවකු රෝහලේ ලේඛනගත වුනේ නැහැ. ඒ නිසා සායනයේ ලේඛන පරීක්ෂා කරලා වකුගඩු ජාවාරමට ගෙන ගිය තරුණයෝ හොයන්න බැහැ. ඒ ආපු තරුණයන් ඔක්කොම වගේ දුප්පත් පවුල් වල අය. සමහරු යුද්ධයෙන් අනාථ වූ මිනිස්සු. පොඩි ගේ කෑල්ලක් අටව ගන්න, ත්‍රීවීල් එකක් ගන්න මේ තරුණයෝ තමන් ගේ වකුගඩුව වික්කා” (යාපනය රෝහලේ වකුගඩු පිළිබඳරෝග සායනයේද සේවය කොට තිබූ හෙදියක් -රාවය පුවත්පත )

වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි යාපනය රෝහලට අපකීර්තියක් ලබා දුන්නා – වෛද්‍ය සත්‍යමූර්ති -යාපනය ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරී

The Black Market for human organs has proved to be thriving over the years in the Jaffna Peninsula. In the most recent turn of events the black market for the illegal trades of human organs takes place in the Jaffna Teaching Hospital. The Nephrologist of the Jaffna Teaching Hospital Dr. Ranga Migara Weerakkody is believed to be behind this mafia. Jaffna has become a ground for buying a kidney on the black market. – Lanka News Web

වාර්තා වන පරිදි තැරැව්කරුවන් විසින් උතුරේ රැකියා විරහිත දුගී තරුණයන්ට සොච්චම් මුදලක් දී ඔවුන්ව වකුගඩු දායකයන් කර ගනිති. ඉන්පසු ඔවුන්ව යාපනය රෝහලේ වකුගඩු පිලිබඳ විශේෂඥ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි වෙත යොමු කෙරේ. වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි ඔවුන්ව පරීක්‍ෂා කොට සුදුසු දායකයන් රහස් අංකයක් මගින් කොළඹ සිටින තැරැව්කරුවෙකුට යොමු කරයි. එම තැරැව්කරුවා විසින් ලංකාවේදී හෝ විදේශයකදී ධනවත් පුද්ගලයෙකුට එම වකුගඩුව විකිනීම සිදු කරයි. මෙම ක්‍රියාවලියේදී දායකයාට රුපියල් ලක්‍ෂ 5 පමණ ලැබෙන අතර රංග මිගාර වීරක්කොඩිට එක රෝගියෙකුගෙන් රුපියල් ලක්‍ෂ 10 – 12 අතර මුදලක් ලැබේ. දේශීය හෝ විදේශීය වකුගඩු රෝගයෙන් පෙලෙන ධනවතුන් වකුගඩුව සඳහා ඩොලර් 122, 000 පමණ වියදම් කරයි. වකුගඩුව බද්ධ කරන වෛද්‍යවරයාටද විශාල මුදලක් ලැබෙයි. -ලංකා ඊ නිවුස් LEN

වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි විසින් වකුගඩු තැරැව්කරුවන් විසින් ගෙන එන තරුණයන් පරික්‍ෂා කොට යහපත් මට්ටමේ වකුගඩු ක්‍රියාකාරීත්වය ඇති පුද්ගලයන් වකුගඩු දායකයන් ලෙස පුද්ගලික රෝහල්වලට රහසේ යොමු කරන බවට තොරතුරු හෙළිවී ඇත. – ලංකා නිවුස් වෙබ් LNW වකුගඩු අලෙවි කර ඇති සියලු දෙනාම පාහේ දැන් රෝගීහු වෙති. ඔවුනට දැන් සාමාන්‍ය පරිදි රැකියාවල නිරතවීමේ හැකියාවක් නැත. මෙහි ඇති අනෙක් බරපතළ තත්ත්වය වන්නේ වකුගඩු අලෙවි කළ සියලු‍ දෙනාම පාහේ දෛනිකව කුලී වැඩවල නිරත වන පිරිස් වීමය. ඔවුන්ගේ පැවැත්ම සඳහා බෙහෙත්, විටමින් ආදිය මිලට ගත යුතුය. ඒවා අධික මිලකින් යුතුය. පවත්නා තත්ත්වය යටතේ කිසිඳු රෝගියකුට තමන්ගේ වෙද-හෙදකම් කරගත නොහැකිය. එයින් රෝගියා පමණක් නොව; රෝගියාගේ පවුලත් අමාරුවේ වැටී ඇති බව පැහැදිලිව දකින්නට ලැබේ. – දිණමින පුවත්පත

මේ ජාවාරමට හසු වූ බොහෝ දෙනෙක් තම වකුගඩුව දැනටමත් විකුණා දමා නිශ්ශබ්දව සිටිති. එය පිටට යන්නේ නැත. එහෙත් උතුරේ සමාජය ඇතුළේ මේ බොහෝ දෙනා දන්නා රහසකි. එය ඊටත් වඩා දරිද්‍රතාවයේ සංකේතයක් බවට වකුගඩු විකුණු කැළල පත්වෙයි. උතුරේ ජනතාව මෙවැනි දේ සිදුකිරීම තුළ පෙනෙනෙන්නේ එකම දෙය නම් උතුරේ දුප්පත්කමට තවම පිළිතුරක් නැති බව නොවේද? තම ශරීරයේ කොටස් විකුණා ජීවත්වන්නට තරම් උතුරේ ජනතාව පීඩාවෙන් සිටී නම් එම සමාජයේ තත්ත්වය කවර කතාද? – ගයාන් ගාල්ලගේ – මාධ්‍යවේදී

හොර වකුගඩු ජාවාරමට වෛද්‍යවරුන් කීප දෙනෙකු පිලිබඳව වාර්තා වෙනවා – සුනිල් දයා අල්විස් ( සිළුමිණ)

වාර්තා වන පරිදි තැරැව්කරුවෝ උතුරේ රැකියා විරහිත දුගී තරුණයන්ට රුපියල් ලක්ෂ 5 ක පමණ මුදලක් දෙන බවට පොරොන්දු වී ඔවුන්ව වකුගඩු දායකයන් කර ගනිති. ඉන්පසු ඔවුන්ව යාපනය රෝහලේ වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කෙරේ. එම වෛද්‍යවරයා ඔවුන්ව පරීක්ෂා කොට සුදුසු දායකයන් රහස් අංකයක් මගින් කොළඹ සිටින තැරැව්කරුවෙකුට යොමු කරයි. එම තැරැව්කරුවා විසින් ලංකාවේදී හෝ විදේශයකදී ධනවත් පුද්ගලයෙකුට එම වකුගඩුව විකිණීම සිදු කරයි. මෙම ක්‍රියාවලියේදී දායකයාට රුපියල් ලක්ෂ 5 පමණ ලැබෙන අතර යාපනය රෝහලේ වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාට එක රෝගියෙකුගෙන් රුපියල් ලක්ෂ 10 – 12 අතර මුදලක් ලැබේ. දේශීය හෝ විදේශීය වකුගඩු රෝගයෙන් පෙළෙන ධනවතුන් වකුගඩුව සඳහා ඩොලර් 122, 000 පමණ වියදම් කරති. වකුගඩුව බද්ධ කරන වෛද්‍යවරයාටද විශාල මුදලක් ලැබෙයි. (රාවය පුවත් පත )

මේ වන විට වෛද්‍ය රංග මිගාර වීරක්කොඩිව යාපනය රෝහලේ සිට පොලොන්නරුව රෝහල දක්වා මාරු කොට ඇත. නමුත් ඔහු විසින් කාලයක් පුරා සිදු කල වකුගඩු ජාවාරම පිලිබඳව කිසිදු පරීක්‍ෂණයක් මෙතෙක් සිදු කොට නොමැත. -අයිතිය (Human Rights Web)

වකුගඩු ජාවාරමේ සුලමුල සොයනු – වෛද්‍ය නලින්ද ජයතිස්ස

වකුගඩු ජාවාරම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය ඒ පිළිබඳව කිසිදු පරීක්‍ෂණයක් පවත්වා නොමැත – වෛද්‍ය නවීන් ද සොයිසා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශක

වකුගඩු ජාවාරම: ‘වෛද්‍යවරුන් අත්අඩංගුවට ගන්න – BBC සිංහල

The Health Ministry should act with a sense of urgency to combat organ trafficking and other assorted medical crimes in Sri Lanka, before it blemishes the image of the country. – Sri Lanka Guardia

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වගකිවයුතු බලධාරීන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) බලපෑම් වලට යටත් නොවී නීති විරෝධී වකුගඩු ජාවාරමේ නියැලෙන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කල යුතුයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය (GMOF)

මේ නීති විරෝධී, සදාචාර විරෝධී ජාවාරම මැඬ පැවැත්විය යුතුයි. – වෛද්‍ය, ආසිරි අබේගුණවර්ධන -පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, ළමා රෝග විශේෂඥ

මෙරට වෛද්‍ය ක්‍ෂේත‍්‍රයට කළු පැල්ලමක් එකතු කළ මහා පරිමාණ වකුගඩු ජාවාරමට සම්බන්ධ ශ‍්‍රී ලාංකීය වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක‍්‍රියාකාරී සාමාජිකයෝ වීම නිසා කෙසේ හෝ නීතියේ රැහැනට හසුනොවී බේරී සිටිති.-වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

නීති විරෝධී වකුගඩු ජාවාරමේ නියැලෙන වෛද්‍යවරුන්ට එරෙහිව ක්‍රියා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රමාණවත් බලතල නොමැත- වෛද්‍ය ඒ.ටී. සුදර්ශන -සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ .

නීති විරෝධී මිනිස් අවයව ජාවාරමේ යෙදෙන වෛද්‍යවරුන්ට දඞුවම් කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බලතල නොමැත. යම් පුරවැසියෙකු විසින් දිවුරුම් පෙත්සමක් මගින් එකී ජාවාරමේ නියැලෙන වෛද්‍යවරයෙකුට චෝදනා ගොනු කළහොත් ඒ පිළිබඳව විභාග කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට හැකිය. වරදකරු වුවහොත් දිය හැකි උපරිම දඬුවම වන්නේ විත්තිකරු ගේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අත් හිටුවීමය. – මහාචාර්ය හරේන් ද්‍ර ද සිල්වා – ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති

 

leave a reply