මැයි 09 දා ගෝල්ෆේස් සිටි අයෙක් අත්තනගල්ල සභාපතිගේ නිවසට පහර දුන්නැයි කියා අත්අඩංගුවට

මැයි 09දා අත්තනගල්ලේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාරගේ නිවසට පහර දුන් බව පවසමින් අරගලයට මුල සිටම සහය දක්වමින් සිටි දනුශ්ක ලක්මාල් නම් පුද්ගලයෙකු බෙම්මුල්ල පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන ඇත .

මැයි 09දා ඔවුන් ගෝල්ෆේස් භූමියේ සිටින රූපරාමු පවතින අතර ඔහුගේ බිරිඳ පවසන්නේ ගෝල්ෆේස් සිටි තම සැමියා අත්තනගල්ලේ
පිහිටි නිවසකට පහර දෙන්නේ කෙසේද යන්නයි. ඔවුන් 09වනදා සිට 12වනදා දක්වා ගෝල්ෆේස් අරගල භූමියේ රැඳී සිටි බව ද ඔහුගේ බිරිද පවසා තිබේ.

දනුශ්ක ලක්මාල්, ඔහුගේ බිරිඳ සහ දරුවා පසුගිය කාලය පුරාම විවිධ උද්ඝෝෂණ, විරෝධතා සඳහා පවුලක් ලෙස සහභාගී වී සිටීම නිසා බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු විය.

Share post:

Popular

වෙනත් පුවත්

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...