මැයි 09 දා ගෝල්ෆේස් සිටි අයෙක් අත්තනගල්ල සභාපතිගේ නිවසට පහර දුන්නැයි කියා අත්අඩංගුවට

මැයි 09දා අත්තනගල්ලේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාරගේ නිවසට පහර දුන් බව පවසමින් අරගලයට මුල සිටම සහය දක්වමින් සිටි දනුශ්ක ලක්මාල් නම් පුද්ගලයෙකු බෙම්මුල්ල පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන ඇත .

මැයි 09දා ඔවුන් ගෝල්ෆේස් භූමියේ සිටින රූපරාමු පවතින අතර ඔහුගේ බිරිඳ පවසන්නේ ගෝල්ෆේස් සිටි තම සැමියා අත්තනගල්ලේ
පිහිටි නිවසකට පහර දෙන්නේ කෙසේද යන්නයි. ඔවුන් 09වනදා සිට 12වනදා දක්වා ගෝල්ෆේස් අරගල භූමියේ රැඳී සිටි බව ද ඔහුගේ බිරිද පවසා තිබේ.

දනුශ්ක ලක්මාල්, ඔහුගේ බිරිඳ සහ දරුවා පසුගිය කාලය පුරාම විවිධ උද්ඝෝෂණ, විරෝධතා සඳහා පවුලක් ලෙස සහභාගී වී සිටීම නිසා බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු විය.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...