Breaking News

කඩා වැටෙන බව නොපෙනෙන ධනේෂ්වරයේ අර්බුදය

රෙඩ්ලි සිල්වා

රෙඩ්ලි සිල්වා විසින් පරිවර්තනය කළ ඩේවිඩ් හාවිගේ ලිපියේ දෙවැනි කොටස

මුල් පුවත් ප්‍රචාරය වෙද්දී ගෝලීය කොටස් වෙළඳපොලවල ක්ෂණික පසුබෑමක් ඇතිවූ අතර පසුව පුදුම සහගත අයුරකින් මාසයකින් හෝ දෙකකින් වෙළඳපොල නව ඉහල මට්ටම් අත්පත් කරගත්තා. මෙම පුවත්වලින්ල චීනය හැරුනුකොට ව්‍යාපාර සාමාන්‍ය තත්වයට පත්ව ඇති බවක් පෙන්නුම් කළා. මෙහිදී විශ්වාසය වුනේ කඩිනමින් පාලනය කරගැනීමට හැකිවූ SARS වෛරසයේ ප්‍රතිධාවනයක් අපට අත් දකින්නට සිදුවනු ඇති බවයි. ඉන් ඉහල මරණ අනුපාතයක් මෙන්ම ආපසු හැරී බලනවිට මුල්‍ය වෙළඳපොල වල අනිසි තැතිගැන්මක් ඇති කළා . covid 19 කරළියට පැමිණි විට ප්‍රබල ප්‍රතිචාරයක් වුනේ එය SARS වල පුනරාවර්තනයක් ලෙස සලකනු ලැබීමයි. එනිසා සමාජයේ තැතිගැන්ම අහෝසි වුනා. වසංගතය බිහිසුනු ලෙස පැතිරයද්දී එහි බලපෑම කඩිනමින් හා නිර්ධය ලෙස පාලනය කර ගැනීමට චීනය පියවර ගත්තා. මෙය ,චීන ගැටළුවක්, ලෙස හැටියට සෙසු ලෝකය සැලකීමට මෙම කාරණයෙන් මඟ පෑදුනා. එනිසා එය සෙසු ලෝකයාගේ මනසට හා දසුනට පිටින් තියෙන දෙයක් හැටියට සැලකුනා.(ඒ එක්කමල ලෝකයේ සමහර තැන්වල චීන විරෝධී භීතිකාවක් පිලිබඳ අවදානම් සහගත සංඥාවක් දකින්න ලැබුනා) චීනයේ ජයග්‍රාහී වර්ධනය පිලිබඳ කතාව මෙම වෛරසයෙන් අවසන් කෙරෙනු ඇතැයි ට්‍රම්ප්ස් පාලනාධිකාරයේ ඇතමුන් දත් විලිස්සාගනිමින් පැතුවා.

කෙසේ වෙතත් වුහාන් නඟරය හරහා ගමන්කරන ගෝලීය නිෂ්පාදන ක්‍රමයෙන් ඇනහිටීම් පිලිබඳ කතා පැතිරෙන්න පටන්ගත්තා. මේවා බොහෝ දුරට නොසලකා හරිනු ලැබුවා. එසේත් නැතිනම් ඇපල් වැනි සමාගම් වලට හෝ සුවිශේෂී නිෂ්පාදන ක්ෂේත්‍ර වලට බලපාන ගැටළු හැටියට සලකනු ලැබුවා. අවප්‍රමාණය වීම් ප්‍රා‍දේශීය හා විශේෂිත වූ අතර පද්ධතිමය නොවීය. චීනයේ දේශීය වෙළඳපොල තුල විශාල වශයෙන් ව්‍යාපාර පවත්වාගෙන ගිය මැක්ඩොනල්ඩ් හා ස්ටාබක්ස් වැනි සමාගම් ටිකකාලයකට දොරවල් වසා ගත්තද, පාරිභෝගික ඉල්ලුම පහත වැටීමේ සලකුණු අවමකර ගත්තා. චීන අලුත් අවුරුද්ද සමඟම වෛරසය පැතිරීම අතිච්චේදනය වීම හේතුකොට ගෙන එහි බලපෑම් ජනවාරි මාසය පුරාවටම වැසීගියා. මෙම ප්‍රතිචාරයේ උදාසීනත්වය දරුනුලෙස වැරදි ස්ථානගත වීමක් විය.

වෛරසය ජාත්‍යන්තරව පැතිරීම පිලිබඳ මුල් පුවත් කඩින් කඩ හා වෙන් වෙන් සිද්ධීන් වශයෙනුත් එය බරපතල පැතිරීමක් හැටියට දකුණු කොරියාවෙන් සහ ඉරානය වැනි උණුසුම් ස්ථානවලිනුත් වාර්තාවුනා. මුල්ම ප්‍රචණ්ඩ ප්‍රතික්‍රියාව පැනනැගුනේ ඉතාලියේ පැතිරයාමත් සමඟයි. පෙබරවාරි මුලදී ඇරඹුන කොටස් වෙළඳපොලේ කඩාවැටීම තරමක් දෝලනය වූ නමුත් මාර්තු මැද වනවිට ලෝකය පුරාම කොටස් වෙළඳපවල සියයට 30 කට ආසන්න ශුද්ධ අවප්‍රමාණය වීමක් හටගත්තා.

ආසාදනවල තීව්‍රතාවය වැඩිවීම බොහෝවිට ආකූල සහ සමහර විට තැතිගත් ප්‍රතිචාරවලට තුඩු දුන්නා. ජනාධිපති ට්‍රම්ප්ල රෝගාබාධ සහ මරණ සංඛාව ඉහළයාමේ ශක්‍ය‍තාව හමුවේ කැනයුට් රජු අනුකරණය කළා. (පරිවර්තන සටහනථ 11 වන සියවසේදී එංගලන්තයේ කැනයුට් රජු වඩදිය මුහුඳු රළ වලට නතර වන්නැයි අණ දුන්නා. එහෙත් මුහුඳු රළ ඔහුත් වසාගනිමින් වෙරළ මත පතිත වුනා). සමහර ප්‍රතිචාර හරිම අපූරුයි. වෛරසයක් හමුවේ ෆෙඩරල් සංචිතයේ පොලී අනුපාතය අවම මට්ටමක පවත්වා ගැනීමට ගත් පියවරල වෛරසයේ ප්‍රගමනය නතර කරගැනීමට වඩා වෙළඳපොලට ඇතිවන බලපෑම අවම කරගැනීම අරබයා ගත් පියවර බවට හැඳින ගත්තද, ඒවා විකාර විය. රාජ්‍ය බලාධිකාරයන් සහ සෞඛ‍ය සේවා පද්ධතීන් සෑම තැනකම පාහේ සේවා හිඟයකට මුහුණ දුනි. හතලිස් වසරක් පුරා උතුරු සහ දකුණු ඇමෙරිකාව සහ යුරෝපය සිසාරා පවතී නවලිබරල්වාදය මේ අකාරයේ මහජන සෞඛ‍ය අර්බුධයකට මුහුණ දීමට මහජනයා සම්පුර්ණයෙන්ම නිරාවරණය කොට සහ සුදානම් නැති තත්වයකට ඇද දමා ඇත. ඒ කල යුත්තේ කුමක්ද යන්න මීට කලින් SARS සහ ඉබෝලා වැනි උවදුරුවලින් ලැබූ අපමණ අනතුරු ඇගවීම් සහ ප්‍රබල පාඩම් කියාදී තිබියදීයි.‘ශිෂ්ට’ සම්පන්න යැයි කියා ගන්නා ලෝකයේ බොහෝ තැන්වල මෙවැනි හදිසි ආපදා වලදී මහජන සෞඛ්‍ය සහ ආරක්ෂාව වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියා කරන පළාත් ආණ්ඩු සහ ප්‍රාදේශීය රාජ්‍ය බලකායෙන් සමාගම් වලට සහ ධනවතුන්ට බදු සහන සහ සහනාධාර ලබා දීම අරමුණු කර ගත් කප්පාදු ප්‍රතිපත්තියට ස්තුතිවන්ත වෙන්න අරමුදල් හිඟයකින් පෙළුණා.

Big Pharma වැනි සමාගම් 1960 ගණන් වල සිටම කවුරුත් හොඳින් දන්නා කොරෝනා වෛරස් ගණයට වැටෙන ආදායම් ඉපයීමක් නැති බෝවෙන රෝග පිළිබඳ පර්යේෂණ කෙරෙහි දැක් වූ උනන්දුව අවමයි. එහෙම නැත්නම් උනන්දුවක් ඇත්තේම නෑහැ. එම සමාගම රෝග නිවාරණය අරභයා ආයෝජනය කරන්නේ කලාතුරෙකිනි. එම සමාගම මහජන සෞඛ්‍ය අර්බුදයකට සූදානම් වීම අරභයා ආයෝජනය කිරීමට එතරම් උනන්දුවක් දක්වා නැත. අප ලෙඩ වෙන තරමට ඔවුන් වැඩියෙන් මුදල් උපයනවා. රෝග නිවාරණය කොටස් හිමියන්ගේ වටිනාකමට දායක නොවේ. මහජන සෞඛ්‍ය ප්‍රතිපාදන වලට ව්‍යාපාරික ආකෘතිය ආදේශ කිරීමෙන් හදිසි අවස්ථාවකට මුහුණ දීමේ අතිරික්ත හැකියාවක් මුලිනුපුටා දමා ඇත. රෝග නිවාරණය රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්වය සාධාරණ කිරීම සඳහා පොළඹවනු ලබන ආකර්ශණීය කාර්ය්‍ය ක්ෂේත්‍රයක්වත් නොවෙයි. ජනාධිපති ට්‍රම්ප් රෝග මර්දන මධ්‍යස්ථානයේ අයවැය කපාහැර ජාතික ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාකාරී කණ්ඩායම විසුරුවා හැරියා. ඒවා ඔහු කලේ පරිසර විපර්යාස සඳහාවූ අරමුදල් ඇතුළුව සියලුම පර්යේෂණ අරමුදල් කපා දැමු විලසින්මය. මේ පිලිබඳ මානව තත්වාරෝපිත හෝ රුපක විය යුතු විනි නම් මා නිගමනය කරනුයෙ covid-19 යනුල හතලිස් වසරක් පුරා ප්‍රචණ්ඩ සහ නියාමනයකින් තොර වූ නව ලිබරල් නිස්සරණවාදයේ පාලනය යටතේ අශික්ෂිත හා අපයෝජනකාරී හිරිහැරයන්ට පාත්‍රවූ සොබාදහමේ පලිගැනීමක් බවයි.

අවම මට්ටමකින් නව ලිබරල් රටවල් වන චීනයල දකුණු කොරියාව,තායිවානය සහ සිංගප්පුරුව මෙතෙක් ඉතාලියට වඩා සාර්ථක අන්දමින් වසංගතයෙන් ගොඩ වී ඇති බව සමහර විට පෙනී යමින් තිබේ. එහෙත් ඉරානය මෙම තර්කය සාර්ව මුලධර්මයක් ලෙස ගැනීම නිෂ්ප්‍රභා කරනු ඇත. චීනය මුල් කාලයේදී SARS උවදුර ප්‍රයෝගයෙන් සහ ප්‍රතික්ෂේප කිරීම් රාශියක් මගින් හසුරුවා ගැනීමේ ව්‍යායාමය අසාර්ථක වූ බවට සාක්ෂි බෙහෙවින් තිබේ. එහෙත් මෙවර චීන ජනාධිපති වරයා දකුණු කොරියාව සම්බන්ධයෙන් මෙන්ම වාර්තාකරණයේදී සහ පරික්ෂා කිරීම් වලදී සාපේක්ෂක විනිවිද භාවයක් පෙන්නුම් කිරීම විශේෂයක්. එහෙත් චීනය යම් වටිනා කාලයක් අහිමි කර ගනු ලැබුවා. කෙසේ වෙතත් චීනයේ කැපී පෙනුනේ, වසංගතය WUHAN මධ්‍ය කරගත් HUBEI පළාත තුල සිර කොට තැබීමට සමත් වීමයි. මේවා වෙනත් තැනක යලි ක්‍රියාත්මක කිරීම ලදේශපාලනික ආර්ථිකලසහ සංස්කෘතික කාරණා නිසා අසීරු වනු ඇත. චීනයෙන් ලැබෙන වාර්තා වලින් පෙන්නුම් කරනුයේ ප්‍රතිකාර සහ ප්‍රතිපත්තීන් කොහෙත්ම සංවේදී නොවූ බවයි . තවද චීනය සහ සිංගප්පුරුව පුද්ගලික නිරීක්ෂණ‍යේදී ආක්‍රමණශීලි සහ අධිකාරිවාදී මට්ටම් දක්වා විහිදුනු බලතල යොදාගෙන තිබෙනවා. නමුත් ඒවා සමස්තයක් හැටියට ගත් කල අතිශයින්ම පල දරා තිබෙනවා. එත් ආදර්ශ මගින් පෙන්නුම් කරන්නේ ප්‍රතිවිරෝධී ක්‍රියා මාර්ගයන් ඊට ටික දිනකට පෙර ගෙන තිබුනේ නම් බොහෝ මරණ වලක්වා ගත හැකිව තිබු බවයි. මෙය ඉතා වැදගත් තොරතුරකි. ඕනෑම ඝාතීය වර්ධන (Exponential growth) ක්‍රියාවලියකදී ස්කන්ධය ප්‍රත්‍යවර්ථ ලක්ෂයක් පසුකිරීමෙන් අනතුරුව කිසිසේත් පාලනය කල නොහැකිය. (මෙතැනදී නැවත වරක් අනුපාතයට සාපේක්ෂව ස්කන්ධයේ වැදගත්කම සනිටුහන් කර ගත යුතුයි) . ට්‍රම්ප් සති ගණනාවක් පුරා කාලය නාස්ති කිරීමේ ප්‍රතිපලයක් හැටියට මිනිස් ජිවිත වලින් වන්දි ගෙවීමට සිදු විය හැකිය.

චීනය තුල මෙන්ම ඉන් ඔබ්බටත් ආර්ථික පල විපාකයන් පාලනය කර ගත නොහැකි තත්වයක පවතින සමාගම් වල සමහර අංශ වල වටිනාකම් දාමයන්හි ක්‍රියාත්මක වන කඩාකප්පල්වීම් මුලින් සිතුවාට වඩා පද්ධතිමය සහ සැලකිය යුතු මට්ටමක පවතී. මෙහි දිගු කාලින ප්‍රතිඑලය වනු ඇත්තේ සැපයුම් දාමයන් කෙටි කර ගැනීම සහ ඒ අතරම විවිධාංගිකරණය කර ගැනීම වේ. ඒ අතරම කෘතීම නිෂ්පාදන ක්‍රම කෙරෙහි වැඩි විශ්වාසයක් ඇති කර ගනී. නිෂ්පාදන දාමයන් ඇනහිටීම හේතුවෙන් සේවකයන් රැකියා වලින් ඉවත් කිරීමට හෝ විශ්‍රාම ගැන්වීමට සිදුවේ. ඒවා අවසාන ඉල්ලුම අඩු කරන අතර අමුද්‍රව්‍ය සඳහා ඉල්ලුම එලදායි පරිභෝජනය පහත හෙලනු ඇත. ඉල්ලුම කෙරෙහි ඇතිවන බලපෑම නිසාම අඩු තරමින් මෘදු අවපාතයක් ඇති කරනු ඇත.

නමුත් විශාලතම අවධානම වෙනත් තැනක පැවතුනි. 2007- 2008 දී පුපුරාගිය පරිභෝජනවාදී මාදිලි, විනාශකාරී ප්‍රතිවිපාක සමගම කඩා වැටිණි .මෙම මාදිලි පදනම් වී තිබුනේ පරිභෝජන පිරිවැටුම් කාලය හැකිතරමින් ශුන්‍යමය අගයට ආසන්නව අඩු කර ගැනීම මතය. එවැනි පරිභෝජනවාදී ආකාරයන් තුලම දැවැන්ත යෝජනා ගැලීම් ඉතා කෙටි පිරිවැටුම් කාලයක් සහිත පරිභෝජනවාදී ආකාරයන් මගින් ඉහල ප්‍රාග්ධන පරිමාවන් ප්‍රභල තීව්රතාවයකින් යුතුව අවශෝෂණය කර ගැනීම එකම හේතුව විය.
ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරය සංකේතාත්මක විය. 2010 සහ 2018 කාලය අතරතුර අන්තර්ජාතික සංචාරය මිලියන 800 සිට බිලියන 1.4 දක්වා ඉහල ගිය අතර ක්ෂණයකින් මතු වූ මේ ආකාරයේ පරිභෝජනවාදය සදහා ගුවන් තොටුපොළවල් සහ ගුවන් සමාගම්ල හෝටල් සහ අවන්හල් ල තේමා උද්‍යාන සහ සංස්කෘතික උත්සව යනාදිය වෙනුවෙන් දැවැන්ත යටිතල පහසුකම් සහ ආයෝජන අවශ්‍ය කෙරිණි. මෙම ප්‍රාග්ධන සමුච්චන අඩවිය දැන් මුහුදේ ගිලුණු නැවක් වැනිය. ගුවන් සමාගම් බංකොලොත් වෙන්න ආසන්න වී ඇති අතර හිස් හෝටල් සමගින් ආගන්තුක සත්කාර කර්මාන්තයේ විශාල රැකියා වියුක්තියක් ඇති වීමට නියමිතය. එළියෙන් ආහාර ගැනීම නැවතී ඇති අතර අවන්හල් සහ බීම සැල් වසා දමා ඇත. විනෝද ආර්ථිකයේ හෝ වෙනත් අස්ථීර රැකියා වල නියුතු අති විශාල සේවක හමුදාව කිසිඳු දෘශ්‍යමාන අධාරයක් නැතිව සේවයෙන් පහ කරනු ලැබේ. සංස්කෘතික උත්සවල පාපන්දු සහ පැසිපන්දු තරඟාවලි , ප්‍රසංගල ව්‍යාපාර සහ වෘත්තීය සමුළු සහ මැතිවරණ වටා දේශපාලනීක රැස්වීම් පවා අවලංගු කර ඇත. සිදුවීම් පදනම් කර ගත මේ ආකාර අත් විඳින පරිභෝජනවාදය වැසි ඇත. පළාත් ආණ්ඩු ආදායම ආවාටයක්වී ඇත. මීටඅමතරව විශ්ව විද්‍යාල සහ පාසැල් වැසෙමින් පවතී.

සමකාලීන ධනේෂ්වර පරිභෝජනවාදයේ ඉතා දියුණුම ආකෘතිය වර්තමාන තත්වයන් යටතේ ක්‍රියාත්මක කල නොහැකිය. ආන්ද්‍රේ ගොස් විස්තර කල හැටියට (පරාරෝපිත කම්කරුවන් ගේ නිවාඩු පැකේජයක් මගින් නිවර්තන වෙරලකදී ඔවුන් ගේ ආත්ම යථා තත්වයට පත් කළේය) වන්දි පරිභෝජනවාදය’ කරා හැල්මේ යාම දැන් පසුබා ඇත.

එහෙත් සමකාලීන ධනේශ්වර ආර්ථිකයෙන් 70‍% 80‍% පවා පරිභෝජනවාදය විසින් මෙහෙයවනු ලබනවා. පාරිභෝගික විශ්වාසය සහ මනෝභාවය පසුගිය 40 වසර තුල පලදායි ඉල්ලුම බල මුළු ගැන්වීමේ යතුර බවට පත්ව තිබුන අතර ප්‍රාග්ධනය වැඩි වැඩියෙන් ඉල්ලුම සහ අවශ්‍යතාවන් මගින් මෙහෙය වුවා. මේම ආර්ථික බලශක්ති මුලාශ්‍රය වල් වැදුන උච්චාවචනයට භාජනය වී නොතිබිණි. අයිස්ලන්තයේ ගිනි කඳු පිපිරීම් වැනි සුළු ව්‍යතිරෙකයන් කීපයක් නිසා සති දෙකකට පමණ අත්ලාන්තික් ගුවන් ගමන් අවහිර වුවා. නමුත් කොවිඩ්19 යටින් පවතින්නේ වල් වැදුන උච්චාවචනයන් නොව ඉතාමත් ධනවත් රටවල පරිභෝජනයේ මහා කඩා වැටීමකිග නිමක් නැති ප්‍රාග්ධන සමුච්චනයේ සර්පිලාකාර ස්වරුපය ලෝකයේ එක කොටසක සිට අනෙක් සැම කොටසකම අභ්‍යන්තරයේන් කඩා වැටෙමින් පවතිනවා.

මෙය බේරාගත හැකි එකම විදිය රජයේ අරමුදල්වලින් සහ ආස්වාදය මත ඇතිවූ මහා පරිභෝජනවාදය ශුන්යයෙන් මවා පෑමක් පමණි. නිදසුනක් වශයෙන් එක්සත් ජනපදය සමස්ත ආර්ථිකය ලෙස නොව එය සමාජවාදය යනුවෙන් හඳුන්වන්නේ නැතුව සමාජය සතුකරන්න වෙනවා.

ඩේවිඩ් හාවිගේ ලිපිය පරිවර්තනයක් – රෙඩ්ලි සිල්වා                                                                                                                                        “කොවිඩ් 19 සහ ධනේෂ්වර විරෝධී දේශපාලනය”  ලිපියේ දෙවන කොටස


ඉහත ලිපියේ පළමු කොටස “කොවිඩ් 19 සහ ධනේෂ්වර විරෝධී දේශපාලනය”

leave a reply