Breaking News

ජනතාවගේ විශ්‍රාම අරමුදල් කොල්ලකන්න අත උස්සපු මන්ත්‍රීලාට අඩු නැතුව විශ්‍රාම වැටුප්

2024 පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවේ මූල්‍ය අංශයේ ගිණුම් වාර්තාවලට අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 255කට රුපියල් එක්කෝටි හැටඑක් ලක්ෂ අසූඑක් දහස් හත්සිය අනූනවයයි ශත හතළිස් හයක (16,181799.46) ක මුදලක් ගෙවා තිබෙනවා.

1977 අංක 01 දරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප්වලට අදාළ පණත සහ එහි සංශෝධන අනුව මෙම වැටුප් පරිමා සහ විශ්‍රාම වැටුප් පරිමා තීරණය කරන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මන්ත්‍රීවරුන්ට සිය පාර්ලිමේන්තු ධුර කාලය නිමා කළ විට ඒ වන විට තමන් ලැබූ වැටුපෙන් තුනෙන් එකක ප්‍රමාණයක් සමඟ අනුමත ජීවන වියදම් දීමනා ලබා දෙනු ලබනවා.

ඒ අනුව විශ්‍රාම ලත් මන්ත්‍රීවරු විශාල පිරිසකට ජනතා බදු මුදලින් විශ්‍රාම වැටුපක් ගෙවමින් සිටිනවා.

වර්තමාන ජනාධිපතිවරයා ද ජනාධිපති ධුරය හොබවන අතර ම විශ්‍රාම වැටුපක් ලබන බවයි වාර්තා වන්නේ. ඔහුගේ විශ්‍රාම වැටුප රුපියල් 79841.66 ක් සහ ජනපති වැටුපද ලබන බව සඳහන් වෙනවා.

මෙලෙස විශ්‍රාම වැටුප් ලබන පිරිස අතර,
බැසිල් රාජපක්ෂ, රවි කරුණානායක, මිලින්ද මොරගොඩ, මොහාන් ලාල් ග්‍රේරෝ, උපේක්ෂා ස්වර්ණමාලි, කරුණා අම්මාන්, අනෝමා ගමගේ, නවීන් දිසානායක(සබරගමුව වර්තමාන ආණ්ඩුකාර), රෝහිත බෝගොල්ලාගම, සජින් වාස් ගුණවර්ධන, රුවන් විජේවර්ධන වැනි අයද සිටිනවා.

පහත පළ වන්නේ ඒ පිරිසගේ නාම ලැයිස්තුවයි. පසුගිය ඉරිදා දිවයින පුවත්පත එම තොරතුරු හෙළිදරව් කර තිබුණා.

මේ මොහොතේ දේශීය ණය ප්‍රතිවියුහගතකරණය කරන බව පවසමින් ලංකාවේ වැඩකරන ජනතාවගේ විශ්‍රාම අරමුදල්වලට ලැබෙන පොළිය සීමා කිරීම නිසා විශ්‍රාම වයසකදී ලැබෙන ප්‍රතිලාභය විශාල වශයෙන් අඩුවීමේ අවදානමක් පවතියි. ආණ්ඩුව ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගත්තේද පාර්ලිමේන්තුව හරහායි. අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනතාවට කැප කිරීම් කරන ලෙස ඉල්ලා සිටින සහ ජනතාවට බර පැටවීම සඳහා අනුමැතිය ලබාදෙන කිසිම මන්ත්‍රීවරයෙක් තමන්ගේ විශ්‍රාම වැටුප ලබාගැනීම ගැන වචනයක් හෝ කියන්නේ නැත.

leave a reply