හමුදා කඳවුරු තුළ උද්ඝෝෂණ මැඩ පවත්වන පුහුණුවීම් – වීඩියෝ සහිතයි

හමුදා කඳවුරු ඇතුලේ උද්ඝෝෂණ මර්දනය කරන පුහුණුවීම් කරන වීඩියෝවක් අද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් මාධ්‍ය වෙත මුදා හරිනු ලැබුවා. එම හමුදා කදවුර තුළ කණ්ඩායම් දෙකකට බෙදී කරන පුහුණුවේදී මේ දිනවල රටේ ජනතාව උද්ඝෝෂණවලදී කියන සටන් පාඨ හඬ නගා කියමින් එක් කණ්ඩායමක් එක් පසෙකින් සිටින අතර අනිත් පසින් එය මර්දනය කිරීමට සැරසෙන කණ්ඩායම බවට ඇඟවෙන පිරිසක් සිටී. මේ පිළිබඳව අදහස් දක්වමින් දුමින්ද නාගමුව ප්‍රකාශ කර සිටියේ මෙය නිශ්චිතව ජනතා අරගල මර්දනය කිරීම සඳහා හමුදාව වෙත ලබා දෙන පුහුණුවක් බවට සැක පළ කළ හැකි බවයි.

අද උදෑසන කඩවත කමාන්ඩෝ රෙජිමේන්තුවේ කරන පුහුණුවීමක් බව දුමින්ද එම වීඩියෝව මාධ්‍යවේදීන් වෙත යොමු කරමින් කියා සිටියා. ආණ්ඩුව විවිධ අවස්ථාවලදී මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය මැඩපැවැත්වීම සඳහා මර්දනකාරී පියවර අනුගමනය කරන්නට ගත් තීන්දු තීරණ කිහිපයක්ම ඊට ප්‍රථම ජනතාව අතරට කාන්දු වීම නිසා ආණ්ඩුවට තමන්ගේ උවමනාව නිසියාකාරයෙන් ඉෂ්ට කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ගෝල්පේස් පිට්ටනිය පැවැත්වෙන විරෝධතාවයට දින හතක් ගතවී තිබෙන අතර එම භූමිය වෙත විශාල ඔත්තුකරුවන් පිරිසක් යොමු කර ඇති බවද දැනගන්නට තිබේ. ගෝඨා ඕනෑ කියමින් උද්ඝෝෂණය කළ පුද්ගලයෙක් එම ස්ථානයේ සිටින බව හඳුනාගෙන තිබෙන අතර එමගින් ආණ්ඩුවේ උවමනාව අපට වටහා ගැනීමට අසීරු නොවෙයි.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...