අනෙකා ගැන හිතන හොඳම රට කියුබාව බව ලෝකයා පිළිගනී

කොරෝනා වෛරසයට එරෙහි සටනේදී කියුබාවේ මැදිහත් වීම ලෝකයේම අවදානයට ලක්වෙමින් තිබේ . මේ වනවිට වෛද්‍යවරුන් හෙද හෙදියන් 593 දෙනෙකු රටවල් 14 ක් වෙත යවා ඇති බව එරට මහජන සෞඛ්‍ය අමාත්‍යංශය අල් ජසීරා වෙත පවසා තිබුණි .

කියුබානු පළමු වෛද්‍ය කණ්ඩායම් වලින් එකක් මාර්තු 21 වන දින ඉතාලියට යවන ලද්දේ එහි කොරෝනා වෛරසයෙන් දරුණු බලපෑමකට ලක්වූ ලොම්බාර්දියා කලාපයටය .

විදේශ දූත මණ්ඩල මෙහෙයවීම සඳහා වගකිව යුතු අමාත්‍යාංශයේ මධ්‍යම සහයෝගිතා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය ජෝර්ජ් ඩෙල්ගාඩෝ බුස්ටිලෝ පවසන පරිදි ඇන්ඩෝරා, වෙනිසියුලාව, නිකරගුවාව, සුරිනාම්, ජැමෙයිකාව, හයිටි, බෙලිස්, ඩොමිනිකා සහ ශාන්ත ක්‍රිස්ටෝපර් සහ නෙවිස්, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස්, ග්‍රෙනාඩා, ශාන්ත ලුසියා ඇන්ටිගුවා සහ බාර්බුඩා වෙත වෛද්‍ය කණ්ඩායම් 13 යවා ඇති බවයි .

බොහෝ රටවල් විසින් කියුබාවෙන් වෛද්‍ය ආධාර ඉල්ලා සිටින බව , සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙන අතර හැකියාවන් මත ප්‍රතිචාර දක්වන්නට ඉදිරියේදී ක්‍රියා මාර්ග ගන්න බව අල් ජසීරා විමසු විට ඊමේල් පණිවුඩයක් මගින් දැනුම් දී ඇති බව වාර්තා කරලා තිබුනා .

කියුබානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට අනුව වෛද්‍යවරුන් 179 ක්, හෙදියන් 399 ක් සහ සෞඛ්‍ය තාක්‍ෂණවේදීන් 15 දෙනෙකු මෙතෙක් යවා ඇති කණ්ඩායමට අයත් වෙනවා .

මෙම වෛද්‍ය සේවකයින් අයත් වන්නේ 19 වන සියවසේ පළමු කියුබානු නිදහස් යුද්ධයේදී සටන් කළ එක්සත් ජනපදයේ උපන් ජෙනරාල් හෙන්රි රීච් හදිසි වෛද්‍ය කණ්ඩායම නමිනි .

2005 දී අභාවප්‍රාප්ත කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ විසින් ස්වාභාවික විපත් හා හදිසි අවස්ථාවලදී මැදිහත් වීම සඳහා පිහිටුවන ලද්දකි .

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...