ඇමරිකාවෙන් චීනයට එරෙහිව යළි  සීමා පැනවීම්

චීනයේ විශාලතම චිප නිෂ්පාදකයා වන SMIC හි ක්‍රියාකාරිත්වය සඳහා සීමාවන් හඳුන්වා දීමට එක්සත් ජනපදය අදහස් කරයි. එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව මීට පෙර විශේෂ බලපත්‍රයක් ලබා නොගෙන ඇමරිකානු සමාගම්වලට SMIC සඳහා අවශ්‍ය කොටස් සහ උපකරණ විකිණීම තහනම් කර  තිබූ අතර නවතම සීමාවන් හරහා දෙරට අතර සහයෝගීතාවය පළුදු වීම තවදුරටත් පුළුල් වෙමින් පවතී. මීට පෙර  Huaweiට එරෙහිව ද එවැනිම සීමාවන් හඳුන්වා දී තිබුණි.

දෙරට අතර ඇති බල අරගලය  අවස්ථා ගණනාවකදීම තාක්ෂණික හුවමාරුවට එරෙහිව සම්බාධක පනවා ගැනීමෙන් උත්සන්න විය. මෙවර සීමාවන් පැනවීම සඳහා හේතුව ලෙස ඇමරිකාව  පවසන්නේ SMIC සමාගම  චීන ආරක්ෂක අංශ සමඟ සබඳතා පවත්වන බවයි.SMIC  සමාගම පුවත් වාර්තා උපුටා දක්වමින් මෙම විවේචනය ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ තවමත් නිල වශයෙන් ඔවුන්ට ඒ පිළිබඳව දැනුම් දී නොමැති බවයි.

කෙසේ වෙතත් චීනය සහ ඇමරිකාව අතර ඇති බලා  අරගලය  විවිධ මුහුණුවර හරහා එළියට එමින් තිබේ. දෙපාර්ශවයම ලෝකයා අත්පත්  කරගැනීමේ වියරුවෙන්  ක්‍රියාකරන  අතර  එකිනෙකාට චෝදනා කර ගන්නේ  තම තමන්ගේ නිරුවත් භාවය  හෙළිදරව්  වීමෙන් සිදුවන හානිය අවම කර ගැනීම සඳහායි .

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...