Breaking News

ඇමරිකාවෙන් චීනයට එරෙහිව යළි  සීමා පැනවීම්

චීනයේ විශාලතම චිප නිෂ්පාදකයා වන SMIC හි ක්‍රියාකාරිත්වය සඳහා සීමාවන් හඳුන්වා දීමට එක්සත් ජනපදය අදහස් කරයි. එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව මීට පෙර විශේෂ බලපත්‍රයක් ලබා නොගෙන ඇමරිකානු සමාගම්වලට SMIC සඳහා අවශ්‍ය කොටස් සහ උපකරණ විකිණීම තහනම් කර  තිබූ අතර නවතම සීමාවන් හරහා දෙරට අතර සහයෝගීතාවය පළුදු වීම තවදුරටත් පුළුල් වෙමින් පවතී. මීට පෙර  Huaweiට එරෙහිව ද එවැනිම සීමාවන් හඳුන්වා දී තිබුණි.

දෙරට අතර ඇති බල අරගලය  අවස්ථා ගණනාවකදීම තාක්ෂණික හුවමාරුවට එරෙහිව සම්බාධක පනවා ගැනීමෙන් උත්සන්න විය. මෙවර සීමාවන් පැනවීම සඳහා හේතුව ලෙස ඇමරිකාව  පවසන්නේ SMIC සමාගම  චීන ආරක්ෂක අංශ සමඟ සබඳතා පවත්වන බවයි.SMIC  සමාගම පුවත් වාර්තා උපුටා දක්වමින් මෙම විවේචනය ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ තවමත් නිල වශයෙන් ඔවුන්ට ඒ පිළිබඳව දැනුම් දී නොමැති බවයි.

කෙසේ වෙතත් චීනය සහ ඇමරිකාව අතර ඇති බලා  අරගලය  විවිධ මුහුණුවර හරහා එළියට එමින් තිබේ. දෙපාර්ශවයම ලෝකයා අත්පත්  කරගැනීමේ වියරුවෙන්  ක්‍රියාකරන  අතර  එකිනෙකාට චෝදනා කර ගන්නේ  තම තමන්ගේ නිරුවත් භාවය  හෙළිදරව්  වීමෙන් සිදුවන හානිය අවම කර ගැනීම සඳහායි .

leave a reply