අධිබාර පනතට එරෙහිව වෘත්තීය සමිති මුදල් ඇමතිට ලියයි

EPF – ETF ඇතුළු සේවක අරමුදල් කොල්ලකන 25% ක අධිභාර බදු පනත හකුළා ගන්නා ලෙස බලකරමින් මුදල් ඇමතිවරයා වෙත යවන ලිපියකට වෘත්තීය සමිති නියෝජිතයන් අද අත්සන් තබා තිබේ.

මෙම අවස්ථාවට පෞද්ගලික හා රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති සම්බන්ධ විය

පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති අධිභාර බදු පනත හරහා රුපියල් බිලියන 2ට වඩා ආදායම් උපයන සමාගම්වල ලාභයෙන් සියයට 25ක් බද්දක් අයකිරීමට නියමිත බව වාර්තා විය. මේ පනත් කෙටුම්පතේ සඳහන් ආකාරයට 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ විධි විධාන ප්‍රකාරව මෙම බදු අයකිරීම සිදු කිරීමට නියමිතයි. ඒ අනුව සේවක අර්ථ සාධක අරමුදල ද සමාගම් යන අර්ථකතනය යටතට ඇතුළත්ව තිබීම නිසා මම නව බදු පනත හරහා සේවක අර්ථසාධක අරමුදලෙන් ද 25%ක බද්දක් අයකරගැනීමට නියමිත බව වෘත්තීය සමිති චෝදනා කරයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...