අනතුර ඉහල යන ලකුණු COVID-19 වෛරසය ජලයට මිශ්‍රර වීමේ අනතුරක්

අපජලයේත් (waste water) COVID-19 වෛරසය තිබිය හැකියි – නෙදර්ලන්ත පරීක්ෂණ කණ්ඩායමක්

නෙදර්ලන්තයේ මහජන සෞඛ්‍ය සහ පරිසරය පිලිබඳ වූ ජාතික ආයතනය (RIVM) සිදුකළ පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ COVID-19 රෝගය සඳහා හේතුවන SARS-CoV-2 වෛරසය “අපජලයේ” (waste water) හමුවන බවයි. මෙලස අපජලයට Covid-19 වෛරසය එකතුවන්නේ රෝගීන්ගේ මලපහ මගින් බව ඔවුන් ප්‍රකාශ කර ඇත. ඇම්ස්ටර්ඩම් ගුවන්තොටුපලෙහි අපජල පිරිසිදුකාරක පරිශ්‍රයේ අපජලයේද නෙදර්ලන්තයේ පළමු COVID-19 ආසදිතයා වාර්තා වූ ලූන් ඔප්සෑන්ඩ් නම් වූ ප්‍රදේශයේ අපජලයේද මෙලස මෙම වෛරසය හඳුනාගැනීම ඔවුන් සමත් වී ඇත.

ඔවුන් ඒ සඳහා අණුක විද්‍යාත්මක ක්‍රම වේද මගින් මෙම වෛරසය අපජලයේ පවතින බව සොයගෙන ඇත. පළමු රෝගියා වාර්තා වී දින සතරකට පසු මෙලෙස අපජලයේ මෙම වෛරසය හඳුනාගන්නට සමත් වී ඇත. එසේම මෙම පර්යේෂණ අනුව කොමඩයේද මෙම වෛරසය තැවරී ඇති බව සොයගෙන තිබේ.

මහජනතාව අතර පැතිර යන ඕනෑම වෛරසයක් හඳුනාගැනීම සඳහා අපජලය පරික්ෂාවට ලක්කිරීමේ ක්‍රමවේදය සාර්ථක බව මෙම පරීක්ෂණ ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...