මහජන කවුන්සලය නමැති කලලය සමාජ දේහය තුළ පණ ගැහෙමින් ඇත …..

අද (2023 ජනවාරි 01 ) දා ඇවරිවත්ත ප්‍රදේශයේ ( නිදහස් වෙළඳකලාප පරිශ්‍රයේදී ) මහජන කවුන්සලයක් සඳහා එකතුවක් සූදානම් කර තිබිණ .

පැවති දුර්දාන්ත පාලනයට එරෙහිව රට පුරා පැන නැගුනු කුඩා අරගල එකමුතුවී පුළුල් අරගලයක් බවට පත්විය. ගෝල්පේස් අරගල භූමියට අමතරව ප්‍රාදේශීය අරගල භූමි නිර්මාණය විය . ඉන්පසු ජනතා පීඩනය පිටාර ගලමින් අරගලය මහා සුනාමියක් බවට පරිවර්තනය විය. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ ජනාධිපති වරයාට රටින් පලායෑමට සිදුවිය .
එම අත්දැකීම අවසන්වූයේ ජනතාවට නව මාවතක් විවර කරමිනි. එය වෙන කිසිවක් නොව මහජන කවුන්සල සංකල්පයයි. මේ අනුව මෙතෙක් ව්‍යවස්ථාව නම් ලියැවිල්ලේ තිබුණු ” ජනතා පරමාධිපත්‍ය ” නම් සංකල්පය කෙටි කාලයකට හෝ යථාර්ථයක් බවට පත්විය .

මේ වනවිට හොර පාරෙන් පත්වී ආ නව පාලකයා ප්‍රශ්ණ විසඳනවා වෙනුවට ජන පීඩනය වැඩි කරමින් සිටී. එම ජන පීඩාව විසින් නැවත අරගලයට පණ පොවනු ඇත .එක් පසෙකින් මැතිවරණය පවතින අර්බුදයට විසඳුමක් ලෙස ⁣මතුවන අතර ජනතා බලය සංවිධානාත්මක ලෙස ගොඩනැගීමේ උත්සාහය අනෙක් පසින් මහ පොළොවේ පැලවෙන අයුරු දැකිය හැක.
මේ අනුව ඉදිරියේදී මහජන කවුන්සලය ජනතාවගේ දැවෙන ප්‍රශ්ණ සඳහා දිගු කාලීනව විසඳුමක් ලබාදීමට සමත් විකල්පය බවට පත්වනු ඇතිබව අපගේ විශ්වාසයයි .

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...