ඉෂාර නානායක්කාර දකුණු ආසියාවේ පොහොසතුන් ලැයිස්තුවට

ගල්ෆ් නිවුස් විසින් 2025 සඳහා දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුව නිකුත් කර ඇති අතර එම ලැයිස්තුවට ලංකාවේ ඉෂාර නානායක්කාර ද ඇතුළත්ව සිටියි. එම ලයිස්තුවේ උඩින්ම සිටින්නේ මුකේෂ් අම්බානියි.

ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස රැඳී අම්බානිගේ ඇස්තමේන්තුගත ශුද්ධ වත්කම ඩොලර් බිලියන 118 ක් වන අතර කලාපයේ බිලියනපති ශ්‍රේණිගත කිරීම්වලට පිවිසුණු ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඉෂාර නානායක්කාර ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 1.6 කි.

ශ්‍රී ලංකාව තුළ, ඉෂාර නානායක්කාර දිගුකාලීන ධනවතා ධම්මික පෙරේරා අභිබවා යමින් රටේ ධනවත්ම පුද්ගලයා ලෙස ඉස්මතු වී තිබේ. ඩොලර් බිලියන 1.6 ක පමණ ශුද්ධ වත්කමක් ඇති නානායක්කාර, රටවල් 10 කට වැඩි ගණනක ක්‍රියාත්මක වන මූල්‍ය සේවා සහ ආයෝජන සමූහයක් වන LOLC හෝල්ඩින්ග්ස් හි අයිතිය හිමියි.

විශේෂයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම හා රක්ෂණ වෙළෙඳපොළ තුළ ඔහුගේ කැපී පෙනෙන සහභාගිත්වයක් පෙන්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම විස්තරයේම කියන ඉෂාර නානායක්කාරගේ LOLC ආයතනයේ ප්‍රමුඛ ව්‍යාපාරයක් වන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීමයි. ඉතා විශාල පොළියක් අයකරන මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය නිසා රටේ විශාල කාන්තාවන් පිරිසක් ණය බරින් පීඩාවට පත්ව සිටියි.

එසේම LOLC තමන්ගේම අනුබද්ධිත ආයතනයක් වන ගල් ඔය සමාගමට ඉහළ පොලියකට ණය ලබා දී වතු කොම්පැනිය අලාභ තත්වයකට පත් කර රජයට බඳු ගෙවීමෙන් බැහැර වූ ආකාරය විගණකාධිපති වාර්තා කිහිපයකින්ම හෙළිව තිබේ. ඊට අමතරව මෑතකදී වාර්තා වූවේ ගල් ඔය සමාගමට මත්පැන් බලපත්‍රයක් ද ලබාදී ඇති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...