මුලතිව් තරුණයෙකුගේ මරණය සම්බන්ධයෙන් හමුදා සෙබළු 3ක් අත්අඩංගුවට

වයස අවුරුදු 32ක් වන එදිරිමාන්නසිංහම් කපිල්රාජ් නම් තරුණයෙකුගේ සිරුර මුත්තයියාන්කට්ටු වැවේ තිබී හමුවීම සම්බන්ධයෙන් දෙමළ සමාජය තුළ කතා බහක් ඇතිව තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මුලතිවු හමුදා කඳවුරක හමුදා සෙබළුන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සෙබලුන් අගෝස්තු 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

වයස අවුරුදු හතක දරුවෙකුගේ පියා වන කපිල්රාජ් අගෝස්තු හත්වැනිදා අතුරුදන් වී තිබුණි. පසුව ඔහුගේ සිරුර මුත්තයියාන්කට්ටු වැවේ තිබී හමු වී ඇත.

දෙමළ මාධ්‍ය වාර්තා කර තිබුණු ආකාරයට මෙම තරුණ පියා ඇතුළු පස්දෙනෙකු මුත්තයියාන්කට්ටු හමුදා කඳවුරට ඇතුළු වී තිබුණේ සෙබළුන් කිහිපදෙනෙකු විසින් තහඩු ඉවත් කරන්නට කළ කැඳවීමක් නිසායි. කෙසේ වෙතත් එසේ ගිය තරුණයන්ට පහර දී තිබෙන බවත් තරුණයන් එම කඳවුරෙන් බියට පත්ව පලා ගොස් ඇති බවත් වාර්තා කර තිබේ.

මෙම සිදුවීමේදී තවත් පුද්ගලයෙකු පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම තරුණයාගේ මරණය පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස මුලතිව් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. මේ වන විට කපිල්රාජ්ගේ දේහය අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා යාපනය ශික්ෂණ රෝහලට ගෙන ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීම හමුදාව විසින් එම තරුණයාට පහරදීමෙන් සිදු වූ මරණයක් බව ප්‍රදේශවාසීන් අනුමාන කරන්නේයැයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...