මුලතිව් තරුණයෙකුගේ මරණය සම්බන්ධයෙන් හමුදා සෙබළු 3ක් අත්අඩංගුවට

වයස අවුරුදු 32ක් වන එදිරිමාන්නසිංහම් කපිල්රාජ් නම් තරුණයෙකුගේ සිරුර මුත්තයියාන්කට්ටු වැවේ තිබී හමුවීම සම්බන්ධයෙන් දෙමළ සමාජය තුළ කතා බහක් ඇතිව තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මුලතිවු හමුදා කඳවුරක හමුදා සෙබළුන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සෙබලුන් අගෝස්තු 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

වයස අවුරුදු හතක දරුවෙකුගේ පියා වන කපිල්රාජ් අගෝස්තු හත්වැනිදා අතුරුදන් වී තිබුණි. පසුව ඔහුගේ සිරුර මුත්තයියාන්කට්ටු වැවේ තිබී හමු වී ඇත.

දෙමළ මාධ්‍ය වාර්තා කර තිබුණු ආකාරයට මෙම තරුණ පියා ඇතුළු පස්දෙනෙකු මුත්තයියාන්කට්ටු හමුදා කඳවුරට ඇතුළු වී තිබුණේ සෙබළුන් කිහිපදෙනෙකු විසින් තහඩු ඉවත් කරන්නට කළ කැඳවීමක් නිසායි. කෙසේ වෙතත් එසේ ගිය තරුණයන්ට පහර දී තිබෙන බවත් තරුණයන් එම කඳවුරෙන් බියට පත්ව පලා ගොස් ඇති බවත් වාර්තා කර තිබේ.

මෙම සිදුවීමේදී තවත් පුද්ගලයෙකු පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම තරුණයාගේ මරණය පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස මුලතිව් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. මේ වන විට කපිල්රාජ්ගේ දේහය අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා යාපනය ශික්ෂණ රෝහලට ගෙන ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීම හමුදාව විසින් එම තරුණයාට පහරදීමෙන් සිදු වූ මරණයක් බව ප්‍රදේශවාසීන් අනුමාන කරන්නේයැයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...