Breaking News

වසර සීයකට පසුව වැනිස් මුහුදු පතුල පියවි ඇසට

හිල්මි සුපුන් 

ඇතිවී තිබෙන වසංගත තත්වය හමුවේ මිනිසා අකර්මණ්‍ය වී ඇත.  මිනිස් ක්‍රියාකාරකම් හීනවී ඇත. මිනිසාගෙන් සොබාදහමට අඛන්ඩව සිද්ධ වෙච්ච බලපෑම ඛණ්ඩනය වී ඇත .ඇති වී තිබෙන තත්වය ප්‍රයෝජනයට ගනිමින් ස්වභාදහම නව පණක්  ලබමින් බිඳී ගොස් තිබුනු චක්‍රය අලුත් කරගනිමින් සිටී.

ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් සොබාදහමේ වෙනස්වීම පිළිබඳ වාර්තා පල වෙමින් තියෙනවා, චීනයට ඉහළ අහසින් අහස්තලය වසා  පැතිර තිබුණු කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩු වෙමින් තිබෙනවා. යුරෝපා මහද්වීපයට ඉහළින් ද  කාබන් ඩයොක්සයිඩ්  ඝනත්වය අඩු වෙමින් පවතිනවා. පසුගිය වසරට සාපේක්ෂව 2020 වසරේ පෙබරවාරි 3 වෙනිදා සිට 16 වැනිදා දක්වා යුරෝපයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය  25% කින් අඩු වෙලා තිබෙනවා.  ලෝකයේ  6% කින් අඩු වෙලා තියෙනවා.

අපේ අත්දැකීම් තුළ සුලබ දසුනක් තමයි මහමග  වාහන තදබදය . ගෙවී ගිය සති කීපය තුළ ඉතාලියේ එවැනි වාහන තදබදයක් තිබුනේ නැතිම තරම්ය. කොරෝනා වසංගතය නිසා මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වය අඩපණ වීම ඊට හේතුවයි.

පාරවල් වල වාහන තදබදය ඇතිවෙනව වගේම ඉතාලියේ වැනිස් නගරයේ නගර අතරින් තාර පාරවල් ඇදී යනවා වෙනුවට තිබෙන්නේ නිරන්තරයෙන්ම බෝට්ටු ගමනාගමනය කරන ඇල පාරවල්ය.  වසරේ තුන්සිය හැටපස් දවසෙම එම  ඇළ මාර්ග තදබදයට ලක්වන්නේ බෝට්ටු , පාරු , ගොන්දොලේ,නැවු  ගමනාගමනයෙන් ය . ඒ හේතුවෙන් එම ප්‍රදේශවල නිරන්තරයෙන්ම මුහුදු ජලය කැලඹීම මුහුදු පතුලේ මඩ මතු වීම සිද්ධ වෙනවා.

වසර සීයකට ආසන්න කාලයකට පසුව වැනිස් මුහුදු තීරයේ පැහැදි දිය  දැකගන්න ලැබීම සුවිශේෂී තත්ත්වයකි. මුහුදු පතුල පියවි ඇසට පෙනීම,  ඇළ මාර්ග හරහා   රංචු වශයෙන්  පිහිනා  යන මත්ස්‍යයන් දැකගැනීම, නැවතත් මුහුදු තීරයේ ගැවසෙන කොකුන්ගේ ගහනය වැඩිවීම, මේ දිනවල වැනිස් යන්න පුළුවන්කමක් තිබේ නම් සුවිශේෂීව දැකගන්න පුළුවන් තත්වයක්.

 

 

ඉතාලියේ වායුගෝලයේ වෙනස

චීනයට ඉහල වායුගෝලයේ

leave a reply