පලස්තීනුවන් ළඟ හඬා වැටෙන ආණ්ඩුව ඊශ්‍රායලයේ කරේ අත දාගෙන සිනාසෙයි

Date:

ඊශ්‍රායල් පලස්තීන යුද ගැටුම සම්බන්ධයෙන් අප්‍රියල් 2වෙනිදා කැබිනට් තීන්දු තීරණ දැනුම් දිගේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාගේන් මධ්‍යවේදීන් කරුණු විමසා සිටියා. විශේෂයෙන්ම පලස්තීනයට හිතවාදීව විවිධ ප්‍රකාශ කළ , ස්ටිකර් ඇලවූ සහ ඊශ්‍රායල් විරෝධී අදහස් දැරීම හේතුවෙන් පුද්ගලයන් කීපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව මෙහිදී මාධ්‍යවේදින් පෙන්වා දුන්නා. මේ ගැටළුවට අදාල සැලකිය යුතු කරුණු ප්‍රමාණයක් මාධ්‍යවේදීන් විසින් ප්‍රකාශ කරනු ලැබූ අතර පලස්තීන හිතවාදී කණ්ඩායම් වෙත එල්ල වී ඇති විවේචනය පිළිබඳවද ඔවුන් පෙන්වා දුන්නා.

එපමණක් ද නොව පලස්තීන හිතවාදිත්වය මත තරුණයෙක්ව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන ඇති බවද පෙන්වා දුන්නා. මේ ගැටලු සියල්ල සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස ආණ්ඩුව නියෝජනය කරමින් ලබා දුන්නේ ඉතාම අපරීක්ෂාකාරී පිළිතුරක්. පලස්තීන හිතවාදී අදහසක් දැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තරුණයා සම්බන්ධයෙන් දැක්වූ අදහස තුළ ගැබ්වෙලා තිබුණේ සමාජය තුල සැකය උත්පාදනය කරන පිළිතුරක්.

මේ අතර මාධ්‍යවේදියෙක් අමාත්‍ය නලින්ද ජයතිස්සගේන් විමසා සිටියේ ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන මිලේච්ඡ ප්‍රහාරය හමුවේ ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද කියලායි.

ඔහු මේ පැනයට පිළිතුරු ලබා දුන්නේ ඉතාම පරීක්ෂාකාරී අන්දමින්. ඊශ්‍රායලයේ ම්ලේච්ඡත්වය විවේචනය නොකර ඊශ්‍රායලය විසින් සිදු කරනු ලබන බලහත්කාරී පහරදීම විවේචනය නොකර ඔහු කියන්නේ පලස්තීන ජනතාවට ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් ඔවුන් පෙනී ඉන්න බව.

ආණ්ඩුවේ පිළිවෙත දෙබිඩි බවට මාධ්‍යවේදීන්ගෙන් සෘජු චෝදනා එල්ල වුණා. විශේෂයෙන්ම මාධ්‍යවේදී ශාන්ත විජයසූරිය ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු බලය ලබා ගන්නට ප්‍රථම දැරූ ස්ථාවරය වෙනුවට ආණ්ඩු සිටින මොහොතේදී වෙනස් ස්ථාවරයක් දරන බවයි. ඔහු සෘජුවම ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුව දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව‍යි

.නලින්ද ජයතිස්ස ඊට පිළිතුරු සපයමින් ප්‍රකාශ කර සිටියේ කිසිදු දෙබිඩි පිළිවෙතක ආණ්ඩුව නොමැති බවයි.

මේ මාධ්‍ය හමුවේදී ඊශ්‍රායල් සංස්කෘතික මධ්‍යස්ථාන පිළිබඳවද මාධ්‍යවේදීන් කරුණු විමසා සිටියා. කැබිනට් ප්‍රකාශකගේ අදහස වුණේ ඒවා ආගමික මධ්‍යස්ථාන ලෙස හඳුන්වා දී ඇති බවයි. ප්‍රචණ්ඩකාරී මැදිහත්වීම් වලට අනුබල දෙනවනම් ඒවට එරෙහිව රජය කටයුතු කරන බව ඔහු කියා සිටියා . ඒවා පිළිබඳ ආණ්ඩුව දැනුවත් බවද පවසනවා.

ඉන් අනතුරුව මාධ්‍යවේදියා පෙරළා ප්‍රකාශ කර සිටියේ අග්‍රාමාත්‍ය තුමිය පාර්ලිමේන්තුවේ කියා සිටියේ ඒවා නීති විරෝධී බවයි. ඒ ගැන සලකා බලන්න සිද්ධ වෙන්නේ සිදුවන සිදුවීම් මත බව නලින්ද ජයතිස්ස ප්‍රතිඋත්තර සැපයූවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...