උඹේ මහ එවුන්ගේ මේ ඉතිහාසය

අම්මට අප්පට ගුරුන්ට වෙනස්ව
කියන දේ නෑහුවෙ මොලේ පොඩි වරදකට
ලෝකය කියන්නේ අයුක්තියක් බව
එතකොට උඹලගේ වෛරසයකි මම

මමත් වෛරසයකි විශ්වයට ආදරේ
උඹත් වෛරසයකි මරණයට ආදරේ
මම බය නො වෙමි කොරෝනා හමුවේ
හිතපං කිසිවිට දන නොනමන බව

උඹ යනු උඹ නොව
අධම හේතුවේ ඵලය යි ලොවටම
හිතුවේ මම එය නො දනී කියල ද
දනී ද උඹ උඹෙ හේතුව කවුරුද

ලෝකය කාලා ලේත් උරා බොන
උඹේ මහ එවුන්ගේ මේ ඉතිහාසය
මී කතුරු අටවලා මළ වුන් විකුණන
බෝසත්වරු වී හරිම අහිංසක

කියපිය යනකොට හැඳිගාගෙන දැන්
බලාන ඇති වෙන වෙස් මූණු අරන්
ඒකට ඉඩ නෑ හිතුවට නං
බලපිය වෙන දේ කර්මෙන් විපාක දුන්

අම්මට අප්පට ගුරුන්ට
හදන්න බැරි වුණ උන්
උඹට වැඩිය වෛරසකි බං
ලෝකෙත් එක්කම රිද්මය කඩලා උන්

සුන්දර කරන්න හිතනව මං උන්
කාට ද නවතන්නට පුළුවන්
දකින හීන වෙඩි තියයන්න නං
ලේසි නොවේ ඒ හිත් තද නං

වෙලාව එනකං බලාන වුන්
ඊට කලින් උඹ ආවට නම්
ඉඳුරන් අඳ වුන් හිතන්න දැන්
ස්තුති වේවා කොරෝනා බං

ඈත කුඹ ගහේ රතු එලිය බලාපං
එ්කට උත්තර හොයන්න කියපං
ස්වභාදර්මයේ දඬුවම විඳපං
අසරණයින් ටික බිල්ලට දීපං
මහ එවුන්ට ඒ බව කියපං

 

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...