උඹේ මහ එවුන්ගේ මේ ඉතිහාසය

අම්මට අප්පට ගුරුන්ට වෙනස්ව
කියන දේ නෑහුවෙ මොලේ පොඩි වරදකට
ලෝකය කියන්නේ අයුක්තියක් බව
එතකොට උඹලගේ වෛරසයකි මම

මමත් වෛරසයකි විශ්වයට ආදරේ
උඹත් වෛරසයකි මරණයට ආදරේ
මම බය නො වෙමි කොරෝනා හමුවේ
හිතපං කිසිවිට දන නොනමන බව

උඹ යනු උඹ නොව
අධම හේතුවේ ඵලය යි ලොවටම
හිතුවේ මම එය නො දනී කියල ද
දනී ද උඹ උඹෙ හේතුව කවුරුද

ලෝකය කාලා ලේත් උරා බොන
උඹේ මහ එවුන්ගේ මේ ඉතිහාසය
මී කතුරු අටවලා මළ වුන් විකුණන
බෝසත්වරු වී හරිම අහිංසක

කියපිය යනකොට හැඳිගාගෙන දැන්
බලාන ඇති වෙන වෙස් මූණු අරන්
ඒකට ඉඩ නෑ හිතුවට නං
බලපිය වෙන දේ කර්මෙන් විපාක දුන්

අම්මට අප්පට ගුරුන්ට
හදන්න බැරි වුණ උන්
උඹට වැඩිය වෛරසකි බං
ලෝකෙත් එක්කම රිද්මය කඩලා උන්

සුන්දර කරන්න හිතනව මං උන්
කාට ද නවතන්නට පුළුවන්
දකින හීන වෙඩි තියයන්න නං
ලේසි නොවේ ඒ හිත් තද නං

වෙලාව එනකං බලාන වුන්
ඊට කලින් උඹ ආවට නම්
ඉඳුරන් අඳ වුන් හිතන්න දැන්
ස්තුති වේවා කොරෝනා බං

ඈත කුඹ ගහේ රතු එලිය බලාපං
එ්කට උත්තර හොයන්න කියපං
ස්වභාදර්මයේ දඬුවම විඳපං
අසරණයින් ටික බිල්ලට දීපං
මහ එවුන්ට ඒ බව කියපං

 

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...