ඊයේ දිනයේ සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම විසින් අනුරාධපුර සිදුවීමේ වින්දිත දැරිය පිළිබඳ කරන ලද ප්‍රකාශයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත ලිඛිත පැමිණිල්ලක් යොමුකරන ලදී. ඒ පිළිබඳ අදහස් දක්වන නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සංවිධායක ලේකම් හේමමාලි අබේරත්න සහෝදරිය.
විරෝධයට පාත්‍ර වූ දිලුම් අමුණුගම කල ප්‍රකාශය
අටමස්ථානාධිපති හිමි ගණිකාවකගේ ප්‍රකාශයක් මත අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇතැයි සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක හිටපු දිලුම් අමුණුගම මැයි 20 වන දා මාධ්‍ය හමුවකදී පවසා තිබුණි. ඔහු එසේ පවසනු ලැබුවේ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතත භික්‍ෂුව විසින් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බව සඳහන් 15 හැවිරිදි බාලවයස්කාර දැරිය ඉලක්ක කර ගෙනය.
ඒ ප්‍රකාශය සමාජය තුළ දැඩි විවේචනයකට ලක්වී තිබෙන අතර දිලුම් අමුණුගම එම ප්‍රකාශය නැවත හරවා ගැනීමට අද දවසේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබූවා.






