මේ මුළු මහත් සමාජයම අපයෝජන සමාජයක් ,දැරියට යුක්තිය සාධාරණය ඉෂ්ට වෙන්න ඕනි – හේමමාලි අබේරත්න 

බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන භික්‍ෂුවට චෝදනා එල්ල වී තියනවා. ළමා හිංසනයක්, අපචාරයක් සම්බන්ධයෙන් දැඩි නීති පවතින වටපිටාවක් තුළ හේමරතන භික්‍ෂුවව අත්අඩංගුවට ගැනීමෙන් පොලිසිය වැළකී සිටියේ ආගමික බලපුළුහාන්කාර කම හමුවේ පොලිසිය ද ඊට අවනත බව අඟවන්නට වගේ.

මේ සිදුවීම හමුවේ රාජ්‍ය ආයතන , කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් පමණක් නොව එක මිටට පාර්ලිමේන්තුවට ගිය කාන්තාවන් කිසිවෙක් මේ දැරිය වෙනුවෙන් පෙනී සිටින්නට අඟලක් ඉස්සරහට ආවේ නැහැ . සමාජයෙන් මතුවන විරෝධතාවය හමුවේ තවදුරටත් සැඟවී සිටින්නට නොහැකි තැන දින කිහිපයකට ඉහතදී එළියට පැමිණි සරෝජා පොල්රාජ් වින්දිතයා කෙසේ වෙතත් දූෂිතයා හෙළි කරන්නට පැකිලෙමින් අදහස් ප්‍රකාශ කළ ආකාරය අපි දුටුවා .

මෙවන් වටපිටාවක් යටතේ අද නිහඬතාවය බි‍‍ඳිමු! අපයෝජනයට එරෙහි වෙමු! සටන් පාට පෙරටුව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ඇතුළු මෙම දූෂිත ක්‍රියාවට එරෙහි සියලු දෙනා එක්ව නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණය උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. දූෂකයාව ආරක්ෂා නොකොට වින්දිත දැරියට සාධාරණය ඉෂ්ට කර ගැනීම උදෙසායි.

Share post:

Popular

වෙනත් පුවත්

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...