වැඩේ යටින් යනවා කිව්වට රුපියල දුර්වලයිලු

ශ්‍රී ලංකා රුපියල මෙම මාසය තුළ ආසියාවේ දුර්වලම මුදල් ඒකකය බව ‘බ්ලූම්බර්ග් (Bloomberg)’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ලොව ප්‍රධාන පෙළේ ව්‍යාපාරික වෙබ් අඩවියක් වෙන බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ශ්‍රී ලංකා රුපියල පිළිබඳ වාර්තාවක් පළ කරමින් මේ බව සඳහන් කර තිබේ.

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව පහත වැටීමකට ලක් වූ අතර එය තවදුරටත් අවප්‍රමාණය විය හැකි බව එම වාර්තාවේ සඳහන්ය.

ශ්‍රී ලංකා රුපියලේ අගය කෙටි කාලීනව මෙලෙස පහත වැටීම සහ බ්ලූම්බර්ග් (Bloomberg) වැනි ජාත්‍යන්තර මූල්‍ය මාධ්‍ය ආයතනයක් මඟින් එය “ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය” ලෙස නම් කිරීම ආර්ථිකමය වශයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු තත්ත්වයකි.

සාමාන්‍යයෙන් මුදල් ඒකකයක් මෙලෙස කෙටි කාලීනව දැඩි ලෙස අවප්‍රමාණය වීමට බලපාන ප්‍රධාන ආර්ථික සාධක කිහිපයකි.

ඩොලර් පිටතට ගලා යාම:
වාහන ආනයනය සඳහා විශාල ඩොලර් ප්‍රමාණයක් පිටට ගලයනු ලැබුණි.

ගෝලීය දේශපාලන හා ආර්ථික තත්ත්ව:
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම හෝ ජාත්‍යන්තර දේශපාලන අර්බුදය

මහ බැංකු ප්‍රතිපත්ති:
පොලී අනුපාතික සහ විදේශ විනිමය වෙළෙඳපොළ හැසිරවීම සම්බන්ධයෙන් ගන්නා තීරණ.

Share post:

Popular

වෙනත් පුවත්

පෑනටත් නීතියේ සීමා වැටෙයිද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව කෙටුම්පත හමුවේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස...

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න අහන මාධ්‍යවේදීන්ගේ වැනෙන ප්‍රශ්න 

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න...

ගැහැනු ලෙයට බදු නොගසනු!

කුසගින්න, පිපාසය හුස්ම ගැනීම යනු මිනිසාට පාලනය කළ නොහැකි...

ඉතාලිය උණුසුම් කළ ඔක්තෝම්බර් 30 වැඩ වර්ජනය

ඉතාලිය පුරා දහස් ගණනක් සිසුන් සහ කම්කරුවන් ඔක්තෝම්බර් 30...