වින්දිත දැරිය ගැන කැත ප්‍රකාශයක් කළ දිලුම් අමුණුගම ඇඟ බේරගන්න හදයි

ඊයේ දිනයේ සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම විසින් අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන්ට අපයෝජනය චෝදනා එල්ල වී ඇති සිදුවීමට අදාළ වින්දිත දැරිය පිළිබඳ කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් විශාල විරෝධයක් එල්ල වීමත් සමඟ දිලුම් අමුණුගම ඇඟ බේරා ගැනීමේ උත්සාහයක නිරතවෙමින් සිටියි.

ඔහු අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ ‘මාධ්‍යවේදියෙක් අහපු එකට මට ලැබුණු ආරංචිය තමයි මම සඳහන් කළේ. ඒක සමාජ මාධ්‍ය විසින් විකෘති කරලා, ඒ දරුවාට ගණිකාවක් කිව්වා කියලා තමයි සමාජ මාධ්‍යයේ දිගින් දිගටම ගහන්නෙ.”

අද පාර්ශව කිහිපයක් විසින් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා වගකිව යුතු ආයතන වෙත පැමිණිලි කර තිබුණි.

අද දිනයේදී නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත පැමිණිල්ලක් යොමුකරමින් ඉල්ලා තිබුනේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

එසේම අනුරාධපුර සිදුවීම සම්බන්ධයෙන් නිහඬව සිටින බවට චෝදනා එල්ල වූ කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සාවිත්‍රි පෝල්රාජ්ද පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

මුදාහළ ස්ත්‍රී ආත්මයක සංවේදනය

ධම්මිකා විජේසිරිගේ 'ඉහිල් මුහුලස්' උනා දැමීමීට පෙර ඇය 'මේඝමාලාගේ...

ආණ්ඩුවේ ආර්ථික ‘මැජික් එක’

මාලිමා ආණ්ඩුව වසර දෙකක් ඇතුලත රටේ ආර්ථිකය ස්ථාවර කරගත්...

අසෝක රන්වල ජපන් භාෂාවෙන් ඉල්ලුවේ මොනවද?

හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල ජපන් භාෂාවෙන් උත්සව...

රෝහල්වල වෛදවරු 7000ක හිඟයක්

දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල වෛද්‍ය නිලධාරීන් 7,000ක හිඟයක්...