දැරියට යුක්තිය ඉෂ්ට කරන්න සියලු දෙනා පෙරට ආ යුතුයි – සඳුන් ප්‍රියංකර විතානගේ 

බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අටමස්ථානාධිපති  පල්ලේගම හේමරතන භික්‍ෂුවට චෝදනා එල්ල වී තියනවා. ළමා හිංසනයක්, අපචාරයක් සම්බන්ධයෙන් දැඩි නීති පවතින වටපිටාවක් තුළ  හේමරතන භික්‍ෂුවව අත්අඩංගුවට ගැනීමෙන් පොලිසිය වැළකී සිටියේ ආගමික බලපුළුහාන්කාර කම හමුවේ පොලිසිය ද ඊට අවනත බව අඟවන්නට වගේ.

මේ සිදුවීම හමුවේ රාජ්‍ය ආයතන , කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් පමණක් නොව  එක මිටට පාර්ලිමේන්තුවට ගිය කාන්තාවන් කිසිවෙක් මේ දැරිය වෙනුවෙන් පෙනී සිටින්නට අඟලක් ඉස්සරහට ආවේ නැහැ . සමාජයෙන් මතුවන විරෝධතාවය හමුවේ තවදුරටත් සැඟවී සිටින්නට නොහැකි තැන දින කිහිපයකට ඉහතදී එළියට පැමිණි සරෝජා පොල්රාජ්  වින්දිතයා කෙසේ වෙතත් දූෂිතයා හෙළි කරන්නට පැකිලෙමින් අදහස් ප්‍රකාශ කළ ආකාරය අපි දුටුවා .

මෙවන්  වටපිටාවක් යටතේ අද  නිහඬතාවය බි‍‍ඳිමු! අපයෝජනයට එරෙහි වෙමු! සටන් පාට පෙරටුව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ඇතුළු මෙම දූෂිත ක්‍රියාවට එරෙහි සියලු දෙනා  එක්ව නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණය උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. දූෂකයාව ආරක්ෂා නොකොට වින්දිත දැරියට සාධාරණය ඉෂ්ට කර ගැනීම උදෙසායි.

Share post:

Popular

More like this
Related

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...