ගිලුණු නැවේ විෂ බහාලුම් වත්තල ප්‍රදේශයේ වළ දැමීමේ සූදානමක් – පුබුදු ජයගොඩ

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ තිබූ විෂ රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් වත්තල ප්‍රදේශයේ පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක වළ දැමීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ එම විෂ සහිත බහලුම් ගොඩබිමට ගෙන ඒමට මධ්‍යම පරිසර අධිකාරිය අවසර ලබාදී ඇති බවයි.

එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ බහලුම් සැලැස්මට අනුව එම නෞකාව තුළ අතිශයින් විෂ සහිත ද්‍රව්‍ය මෙට්‍රික්ටොන් 10 ක් පමණ ඇතුලත් බහලුම් 85 ක් තිබී ඇති බව කී පුබුදු ජයගොඩඑම කන්ටේනර් තුළ හඳුනානොගත් අතිශය විෂ රසායනික ද්‍රව්‍ය ඇතුළත් බව ද සඳහන් කර තිබේ.

මෙම විෂ ද්‍රව්‍ය සහිත කන්ටේනර් ගොඩබිමට ගෙන ඒම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය ඔක්තෝම්බර් මස 29 වැනිදා අවසර ලබාදී ඇති බවත් එම අවසර ලබාගෙන ඇති දේශීය සමාගමට එවැනි විෂ ද්‍රව්‍ය පිළිබඳ කටයුතු කිරීමේ බලපත්‍රයක් නොමැති බවත් පුබුදු ජාගොඩ කියයි.

එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ විනාශ වූ බහලුම් තිබියදීම එම නැව මේ වන විට ස්ථානගතවී තිබෙන ශ්‍රී ලංකා මුහුදු සීමාවේම කැබලි කිරීමට සිංගප්පූරු සමාගමකට අවසර ලබාදී ඇති බව කී පුබුදු ජාගොඩ වැඩිදුරටත් පැවසුවේ එසේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට දැඩි හානියක් සිදුවන බවත්ය.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...