Breaking News

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහි නඩුව අපක්ෂපාතී විමර්ශනයක් සහ යුක්තිය ඉල්ලා කරන සාමූහික ප්‍රකාශය

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහි නඩුව: දේශපාලන, ආගමික සහ ආයතනික බලපෑම්වලින් තොර ස්වාධීන විමර්ශනයක් කරන්න – විද්වතුන් සහ සිවිල් සමාජ ක්‍රියාකරුවන් ඉල්ලයි.

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වී ඇති බරපතල ළමා අපයෝජන චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් විද්වතුන්, නීතිඥවරුන්, සමාජ ක්‍රියාකාරීන් සහ සිවිල් සමාජ නියෝජිතයන් පිරිසක් සාමුහික ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එම සාමුහික ප්‍රකාශයෙන් ඉල්ලීම් තුනක් ඉදිරිපත් කර ඇති අතර දේශපාලන, ආගමික සහ ආයතනික බලපෑම්වලින් තොර ස්වාධීන විමර්ශනයක් පැවැත්වීම, අදාළ දැරියට නීතිමය සහ මානසික ආරක්ෂාව ලබාදීම සහ බලය මත නොව සත්‍යය හා යුක්තිය මත පදනම් වූ නීතිමය ක්‍රියාවලියක් සහතික කිරීම ඇතුළත් වේ.

එම ප්‍රකාශයේ දැක්වෙන්නේ මෙම නඩුව හුදෙක් එක් පුද්ගලයෙකුට එරෙහිව පවතින නඩුවක් නොවන අතර ශ්‍රී ලංකාවේ නීතිය බලවත් සහ බල රහිත පාර්ශ්වයන්ට එක සේ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳ පරීක්ෂණයක් බවයි. එසේම එය ස්ත්‍රීන් හා දරුවන් සම්බන්ධයෙන් රට තුළ පවතින ආරක්ෂාව සහ දේශපාලන සාධාරණත්වය පිළිබඳ ව්‍යුහාත්මක ගැටලුවක් බවද සඳහන් කර ඇත.


නිවේදනයට අනුව පැමිණිල්ල ඉදිරිපත් කළ දැරිය කුඩා වියේ සිටම අපයෝජනයට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර එය දරුවෙකුට එරෙහි බරපතල අපරාධයක් පමණක් නොව ඇය ආරක්ෂා කළ යුතු සමාජ හා ආයතනවල අසාර්ථකත්වයක් ලෙසද පෙන්වා දී තිබේ.

සැකකාර හිමියන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාමාර්ග, පොලිසියේ ප්‍රතිචාර සහ සැකකරු පෞද්ගලික රෝහලක රඳවා තැබීම වැනි කරුණු මහජන අවධානයට ලක්ව ඇති බවත් නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක වීම පිළිබඳ ජනතාව තුළ ගැටලු මතුව ඇති බවත් ප්‍රකාශයෙන් පෙන්වා දී තිබේ.

මෙම ප්‍රකාශයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥවරුන්, සමාජ ක්‍රියාකාරීන්, පර්යේෂකයන් සහ මානව හිමිකම් ක්ෂේත්‍රයේ නියෝජිතයන් රැසක් අත්සන් තබා තිබේ.

මෙම නඩුව මැයි 22 දින යළි විභාගයට ගැනීමට නියමිතය.

අදාල ප්‍රකාශය පහළින්

අපක්ෂපාතී විමර්ශනයක් සහ යුක්තිය ඉල්ලා කරන සාමූහික ප්‍රකාශය

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධයෙන් එල්ල වී ඇති බරපතල අපයෝජන චෝදනා පිළිබඳ නඩුව මැයි 22 වනදා යළි කැඳවීමට නියමිතය. මෙය හුදෙක් එක් පුද්ගලයෙකුට එරෙහි නඩුවක් පමණක් නොව, ශ්‍රී ලංකාව තුළ නීතිය බලවතුන්ට සහ බල රහිත වූවන්ට එක සේ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳ පරීක්ෂණයකි. එසේම මෙය අපගේ සමාජය තුළ ස්ත්‍රීන් සහ දරුවන් සම්බන්ධයෙන් දේශපාලන සාධාරණත්වය පිළිබඳ ව්‍යුහාත්මක කාරණයකි.

මෙම දැරිය පවසා ඇති තොරතුරුවලට අනුව ඇය ඉතා කුඩා වියේ සිටම අපයෝජනයට ලක්ව ඇති බව වාර්තා වේ. එය දරුවෙකුට එරෙහි බරපතල අපරාධයක් පමණක් නොව, ඇයව ආරක්ෂා කළ යුතු සමාජය සහ ආයතන අතින් සිදුවූ ගැඹුරු සදාචාරමය අසාර්ථකත්වයකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවතින අතිවිශාල බල අසමතුලිතතාවය නිසාම මහජනතාව තුළ දැඩි අවධානයක් සහ කනස්සල්ලක් මතුවී ඇත. එක් පාර්ශ්වයක සිටින්නේ බලවත් ආගමික සහ ආයතනික ආනුභාවයක් සහිත ප්‍රභල චරිතයකි. අනෙක් පාර්ශ්වයේ සිටින්නේ ආර්ථික සහ සමාජීය වශයෙන් දැඩි ලෙස අසරණ පසුබිමක සිටින, තම පවුල තුළින් පවා නිසි ආරක්ෂාවක් නොලැබුණු දැරියකි. එවැනි තත්ත්වයක් තුළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ බලධාරීන්ගේ හැසිරීම මහජන අවධානයට ලක්වීම ස්වභාවිකය.
විශේෂයෙන්ම චූදිත හිමියන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, මෙවැනි බරපතල ළමා අපයෝජන සිද්ධියකදී සිදු විය යුතුව තිබූ ක්‍රියා පටිපාටි නිසි ලෙස අනුගමනය නොවීම මහජන කනස්සල්ල තවදුරටත් තීව්‍ර කර ඇත. අත්අඩංගුවට ගැනීමේ නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිසිය දැක්වූ මැලිකම මෙන්ම අත්අඩංගුවට ගැනීමෙන් පසුවද සැකකරු පෞද්ගලික රෝහලක තබා ගැනීම වැනි කරුණු හේතුවෙන් මෙම නඩුවේ නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවන බවට ජනතාව තුළ හැඟීමක් ඇති වී තිබේ. බොහෝ දෙනෙක් මෙම නඩු විභාගය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් විනිවිදභාවය සහ වගවීම ඉල්ලා සිටින්නේ ඒ නිසාය.

බලය, තනතුරු, ආයතනික බලපෑම් සහ වෙනස් කොට සැලකීම් නීතියේ සාධාරණ ක්‍රියාත්මක වීම අඩාල කරනු ඇතැයි ඇති සැකසංකා හේතුවෙන් මිස මෙම මහජන විරෝධය ඉබේ මතු වූවක් නොවන බව අපි මෙහිදී අවධාරණය කරමු.

මෙම බල අසමතුලිතතාවයට මෙම නඩුවේ ප්‍රතිඵලය තීරණය කිරීමට අප ඉඩ නොදිය යුතුය. පූජකයෙකු වුවත්, ගිහියෙකු වුවත්, බලවතෙකු වුවත්, සාමාන්‍ය පුද්ගලයෙකු වුවත් කිසිවෙකු නීතියට ඉහළින් නැත.

ශ්‍රී ලංකාවේ මෑත කාලීන සිදුවීම්ද බලවත් ආයතන හා පුද්ගලයන්ට එරෙහිව යුක්තිය ලබාගැනීම කොතරම් දුෂ්කරද යන්න අපට පෙන්වා දී ඇත. පසුගිය දිනක වාර්තා වූ, ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව, බලවත් පද්ධතිවලට එරෙහිව යුක්තිය සෙවීමේදී වින්දිතයන් මුහුණ දෙන බාධා සහ ඒ සඳහා අවශ්‍ය අඛණ්ඩ සටන පිළිබඳව නැවතත් රටට මතක් කර දුන්නේය.

ඒ නිසාම අපි වගවීම සහ යුක්තිය ඉල්ලා සිටීම කිසිසේත්ම නතර නොකළ යුතුය. බලවත් ආයතන ආරක්ෂා කිරීම වෙනුවෙන් අසරණ දරුවන් බිල්ලට දීම ශිෂ්ට සමාජයක සිදු විය නොහැක.

අපගේ ඉල්ලීම් වන්නේ:
දේශපාලන, ආගමික හෝ ආයතනික බලපෑම් වලින් තොර සාධාරණ, විනිවිද සහ ස්වාධීන විමර්ශනයක් දැරියට වහාම නීතිමය, මානසික සහ සමාජ ආරක්ෂාව ලබා දීම

බලය හෝ තනතුරු මත නොව, සත්‍යය සහ යුක්තිය මත පදනම් වූ නීතිමය ක්‍රියාවලියක්

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ ස්ත්‍රීන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාව, ගරුත්වය සහ යහපැවැත්ම පිළිබඳ පොරොන්දු ලබා දෙමිනි. එම පොරොන්දු මැතිවරණ වේදිකාවේ කථා පමණක් නොවන බව ඔප්පු කිරීමට මෙය හොඳම අවස්ථාවකි. මෙරට ජනතාවට අවශ්‍ය වන්නේ හිස් වචන නොව, නීතිය නිසි පරිදි සහ සමානව ක්‍රියාත්මක වීමයි සහ එසේ ක්‍රියාත්මක වන බවට ජනතාවට විශ්වාසනීය ලෙස පෙනෙන්නට තිබීමයි.

අපගේ දියණියන්ගේ, පුතුන්ගේ සහ මේ රටේ අනාගතය ගැන අප සැබවින්ම සිතන්නේ නම්, යුක්තිය පූර්ණ ලෙස සහ නිර්භයව ක්‍රියාත්මක වන බව සහතික කළ යුතුය.

Endorsed by
Prof Jayadeva Uyangoda, Emeritus Professor, University of Colombo
Prof Kamala Liyanage, Emeritus Professor, University of Peradeniya
Prof Liyanage Amarakeerthi, Peradeniya University
Prof Sasanka Perera, University of Colombo and South Asian University
Prof Nirmal Dewasiri, Department of History, University of Colombo
Kumari Kumaragamage, Author & Visual Artist
Saminmadan Wimal, Senior Lecturer, University of Jaffna
Dr Chulani Kodikara, Independent Researcher
Sandun Thudugala, Social Activist
A.E. Rebecca, Project Manager
Aingkaran Kugathasan, Attorney-at-Law, Jaffna
Annie Kurian, Social Activist
Anomaa Rajakaruna, Filmmaker
Antonia Joseph, Social Activist
Dr Anushka Kahandagamage, Buddhist Scholar
Dr Athula Samarakoon, Academic
Dr Amali Wedagedara, Feminist Political Economist
Anuratha Rajaretnam, Socio-Political Activist
Balasingham Skanthakumar, Co-editor, Polity magazine
Brintha Santhoshkumar, Social Activist
Buhary Mohamed, Eastern Social Development Foundation
Caryll Tozer, Women and Child Rights Activist
C. Ranitha Gnanarajah, Attorney-at-Law
C. Thayalarajan, Social Activist
Chathurika Sewwandi, Attorney-at-Law and Social Activist
Chulananda Samranayake, Writer and Literary Critic
Dr Crystal Baines, Researcher
Christine Perera, Activist
Dr. Darshi Thoradeniya, Department of History, University of Colombo
Dr. Dileepa Witharana, Open University
Dhanusha Gihan Pathirana, Economist
Gamini Chandrasekara, Retired Mechanical Engineer
Dr Gayathri Lokuge, Centre for Poverty Analysis
Hafsa Husain, Entrepreneur
Inthumathy Hariharathamotharan, Civil Society Activist
Janakie Seneviratne, Social & Political Activist
Jayani Abeysekara, Human Rights Activist
Dr Kanchuka Dharmasiri, University of Peradeniya
Prof Kanchana Ruwanpura, University of Edinburgh
Kumudini Samuel, Women and Media Collective
Lekha Walallawita, Consultant Anesthetist, Australia
Dr M. Alfred, Former Dean, Faculty of Management, University of Peradeniya
Dr Mahendran Thiruvarangan, University of Jaffna
M. Sooriasegaram, Retired Engineer & Social Activist
Madhulika Gunawardena, debt justice activist and researcher
Marisa de Silva, Social Activist
Melani Gunatilake, Climate & Political Activist
Natasha Vanhoff, Social Activist
Nelun Gunasekera, Social Activist
Nimalka Fernando, Attorney-at-Law
Niranjala Arulnandy, Social Activist
Niyanthini Kadirgamar, Feminist Collective for Economic Justice
Padmini Weerasuriya, Social Activist
Peter Rezel, Development Consultant
Pushpa Ramlani, Social Activist
Prof Prabha Manurathna, University of Kelaniya
Pushparani Figurado, Social Activist
Prof. R. Kapilan, Department of Botany, University of Jaffna
Ramani Jayasundere, lawyer and social activist
Ranjika de Silva, Former Registrar, Hector Kobekaduwa Agrarian Research and Training Institute, Sri Lanka
S. Metilda, Social Activist
S. Kalavathy, Social Activist
Sarah Arumugam, Attorney-at-Law
Sarala Emmanuel, Feminist Activist
Saraswathi Sivaguru, Former Member of Provincial Council & Trade Union Leader
Shamila Rathnasooriya, Program and Operation Manager, MONLAR
Dr S. Selvaganesh, Consultant Plastic and Reconstructive Surgeon
Shyama Basnayake, Political Activist
Safiya Riyaz, SAHR Advocate & Researcher
Soosaipillai Anton Rex, Social Activist
Sriyani Perera, Gender Consultant
Stella Philips, Social Activist
Sudantha Madhawa Fernando, Social Activist
Sumika Perera, Women’s Resource Center
Dr S. Arivalzahan, University of Jaffna.
Dr Sakunthala Kadirgamar, Executive Director, Law & Society Trust
Dr Sepali Kottegoda, Women and Media Collective
Sunil Shantha Koralage, Writer
Prof Sumathy Sivamohan, University of Peradeniya
Swasthika Arulingam, Attorney-at-Law & President, United Federation of Labour
T. Dilakshana, Attorney-at-Law
Thilina Weerasinge, Journalist & Writer
Dr Thiruni Kelegama, Academic
Thisaru Guruge, Professional
Dr Tush Wickramanayake, Chairperson, Stop Child Cruelty Trust
Udeni Thewarapperuma, Attorney-at-Law
Prof. Uthpala Jayawardena, Open University
Varaluxmy Jeganathan, Social Activist
Vidura Munasinghe, Attorney-at-Law & Activist
Visaka Dharmadasa Association of War Affected Women
Vishmitha Parameshwaran, Social Activist
V. Balananthini, Social Activist
Dr Visakesa Chandrasekaram, Filmmaker
Dr Vivimarie Vanderpoorten, Open University

leave a reply