ධජයක් අතින් ගත් හොඳින් හැඳ පැළඳ ගත් මිනිසකු ඇවිද යයි . ධජය අතින් ගෙන ඉදිරියට යන මෙම පුද්ගලයා අන්ධයකු බවට පත් වී ඇත්තේ එම ධජය ඔහුගේ මුහුණ ආවරණය කර ඇති නිසාය. ඔහු යන මග පිළිබඳව ඔහුට අවබෝධයක් නොමැත . මෙම මූර්තිය නිර්මාණය කොට තිබෙන්නේ වම් පාදය පාදමෙන් එළියට තබන ආකාරයටය. ඉන් අර්ථවත් වන්නේ කොඩියෙන් මූණ වැසි ඇති මිනිසාට තමන් යන මාර්ගය පිළිබඳ අවබෝධයක් නොමැති බවයි .
ඉහතින් කතා කළේ අප්‍රියල් 30 වන දා මධ්‍යම ලන්ඩනයේ බැන්ක්සි විසින් ස්ථාපිත කරන ලද නවතම මූර්තිය පිළිබඳවයි. ඔහුගේ අනෙකුත් නිර්මාණ සේම මෙයද ලෝකයේ කතාබහට ලක් වෙමින් තිබෙනවා . විශාල පිරිසක් මෙම මූර්තිය නැරඹීමටත්, ඉන් බැන්ක්සි සමාජගත කරන්න හදන අදහස මොකක්ද කියලා හොයා ගැනීමට ඒ අසල රැඳෙමින් වෙහෙසෙන ආකාරය දකින්න පුළුවන් .






