අධිරාජ්‍යවාදී, කොල්ලකාරී ජන සංහාරක යුද්ධයට එරෙහිව පෙළ ගැසෙමු…

ස්වාධීන වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් 2026 මැයි දින සැමරුමට සමගාමීව මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (29) දිනයේදී බැංකු සේවක සංගම් මූලස්ථානයේදී පවත්වන ලදී. එහිදි මාධ්‍ය වෙත නිකුත් කල මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

මාධ්‍ය නිවේදනය

අධිරාජ්‍යවාදී, කොල්ලකාරී ජන සංහාරක යුද්ධයට එරෙහිව පෙළ ගැසෙමු…

2026 ජාත්‍යන්තර කම්කරු දින සැමරුම සමස්ත ලෝකවාසී කම්කරුවන්ටත්, විශේෂයෙන්ම ලාංකීය කම්කරුවන්ටත් ඉතා තීරණාත්මක දිනයක් වනු ඇත. ධනවාදී ලාභ අපේක්ෂාවන් වෙනුවෙන් ක්‍රියාත්මක අධිරාජ්‍යවාදී බල අරගලය මේ වන විට මුළු ලෝකය පුරා කොල්ලකාරි ජන සංහාරක යුද්ධයක් නිර්මාණය කර ඇත. මෙම යුද්ධය ලෝකයේ සමස්ත ජනතාවටත්, පරිසරයටත් විශාල විනාශයක් සිදු කරමින් පවතී. එම ගෝලීය වාතාවරණය තුළ රටවල්වල ආර්ථික ප්‍රතිපත්ති හා නීතිවල සිදුවන වේගවත් වෙනස්කම්, කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන්ට සෘජුවම බලපාන අතර, සමාගම් ලාභ වැඩි කර ගැනීමට වැඩි අවස්ථා ලබා ගන්නා තත්ත්වයක් දක්නට ලැබේ. එවැනි තත්ත්වයන්ට මුහුණ දීමේදී, කම්කරු පන්තියේ සංවිධානාත්මක සහ එකමුතු ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් කළ යුතුය.

ඒ අතර COVID වසංගතය හා ඉන්පසු ව ඇති වූ ආර්ථික බිඳ වැටීම, දිවා සුළි කුණාටුව සහ වර්තමානයේ පවතින ගෝලීය යුධමය වාතාවරණයේ බලපෑම් වැනි අඛණ්ඩ ව්‍යසනයන්ට මුහුණ දුන් අප රටේ කම්කරුවන්ගේ ජීවිතවල අනාගත අපේක්‍ෂාවන් වඩාත් අවිනිශ්චිත වී ඇත. කම්කරු පන්තිය එදිනෙදා ජීවත් වීමට කරන දෛනික අරගලය නොතකා, ධනේශ්වර පන්තියේ තැරැව්කරුවන් ලෙස ක්‍රියා කරන ආණ්ඩුව, සමස්ත ආර්ථික බර, වැඩ කරන ජනතාව මතට පතිත කර ඇත. ඒ සමඟම, වෘත්තීය සමිතිවල හඬ හිතාමතාම නොසළකා හරිමින් වෘත්තීය සමිති විරෝධී දෘෂ්ඨිවාදයක් සහිත ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතා අනුව රජයේ වැඩ සටහන් ඉදිරියට ගෙන යන අතර, කම්කරුවන්ට තවදුරටත් වෘත්තීය සමිති නියෝජනයන් අවශ්‍ය නොවන බවට ද ‍ප්‍රචාරය කරමින් ඇත.

මෙම තත්ත්වයන් හමුවේ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික හා පරිපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව කම්කරුවන් අතර දැඩි කනස්සල්ලක් පවතින බව පැහැදිලිය. විශේෂයෙන්ම නව කම්කරු නීති සංශෝධන, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම, විදුලිබල හා ඉන්ධන ක්ෂේත්‍රයන්හී සිදුවන වෙනස්කම් වැනි කරුණු සම්බන්ධයෙන් කම්කරුවන්ගේ සහ වෘත්තීය සමිතිවල අදහස් ප්‍රමාණවත් ලෙස සලකා බැලීමක් නොපෙනෙන අතර, එය කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිළිබඳ ගැටළු උත්පාදනය කරයි.

එබැවින්, කම්කරුවන්ගේ ජීවිතවලට සෘජුව බලපාන තීරණ ගැනීමේදී, වෘත්තීය සමිති හා කම්කරුවන්ගේ නියෝජිතයන් සමඟ සාධාරණ සහ සාර්ථක සංවාදයක් පවත්වා ගැනීම අත්‍යවශශ්‍ය බව අප අවධාරණය කරමු. වැඩ කරන ජනතා අභිලාෂයන් මත බලය ලබාගත් ආණ්ඩුව එකි අභිලාෂයන් නැවත කියවාගත යුතුව ඇත.

මෙම අභියෝගාත්මක තත්ත්වයන්ට ප්‍රතිචාර දක්වමින් කම්කරු පන්තිය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එක්ව, සංවිධානාත්මක හා එක්සත් ක්‍රියාමාර්ග මඟින් තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

ඒ අනුව අධිරාජ්‍යවාදී, කොල්ලකාරි ජන සංහාරක යුද්ධයට එරෙහිව පෙළ ගැසෙමු. ” යන තේමාව මූලික කරගනිමින් ස්වාධීන වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සිවිල් ක්‍රියාකාරීන් සහ කලාකරුවන්ගෙන් සැදුම්ලත් ස්වාධීන වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව ලෙස මෙවර ජාත්‍යන්තර කම්කරු දින පෙළපාලිය හා රැලිය කොළඹ ගුණසිංහපුර, ඒ. ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයේ දී අභිමානවත් අයුරින් පැවැත්වීමට තීරණය ඇත.

ස්වාධීන වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකතුව

2026.04.30

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්