ඊයේ අත්අඩංගුවට ගත් 60 දෙනා පොලීසි කිහිපයක රැඳවීම සැක සහිතයි – නීතිඥ නුවන් බෝපගේ

මාස 2කට ආසන්න කාලයක් වසා දමා තිබූ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යළි විවෘත කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් 60 දෙනෙකු වූ පිරිස අතර ගුරුවරුන් දෙදෙනෙකුද සිටින බව වාර්තා වේ. පසුගිය 21 වන දින පාලි සහ බෞද්ධ විශ්ව විද්‍යාලය ඉදිරිපිට පැවති සාමකාමී සත්‍යග්‍රහය ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කිරීමට එරෙහිව සිසුන් මෙලෙස අධ්‍යාපන අමාත්‍යංශය වෙත ගොස් සත්‍යග්‍රහයක නිරත වී තිබේ.

එසේම අත්තඩංගුවට ගත් පිරිස තලංගම, මිරිහාන, මාලඹේ, මුල්ලේරියාව, නවගමුව, කොට්ටාව ඇතුළු පොලිස් ස්ථාන කිහිපයක රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ද සැක මතුව තිබේ. මෙම පිරිස අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද සිටියි.

ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සත්‍යග්‍රහය පොලිසිය විසින් ප්‍රචණ්ඩකාරී ලෙස විසුරුවා හරින ආකාරය වීඩියෝගත කිරීම සම්බන්ධයෙන් ගුරුවරුන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලට ලක් කර ඇත. අද පැවති විරෝධතාවයෙන් පසු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ පිරිසක්ද ප්‍රශ්න කර තිබේ.

මෙම විරෝධතාවය අතරතුර ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලයේ නියෝජිතයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය විරෝධය පළකර තිබේ. ශ්‍රී ලංකා රජයේ ගුරු සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් දෙදෙනකු වන සමිත් හර්ෂනාත් සහ නාලක ද සිල්වා ද අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමඟ අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති ස්ථාන මාරු මණ්ඩල රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී පොලිසිය විසින් නිර්දය ලෙස පහර දී අත්අඩංගුවට ගෙන ඇති JDS වාර්තා කර තිබේ.

තලංගම පොලිස් ස්ථානයේ රඳවා සිටින වෘත්තීය සමිති ක්‍රියාධරයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ, අමාත්‍යාංශය අසළ විරෝධතාවක නිරත වූ සරසවි සිසුන්ට කැරලි මර්දන පොලිසිය විසින් අමානුෂික ලෙස පහර දෙන අයුරු ජංගම දුරකථනයෙන් රූගත කළ බවට චෝදනා කරමින් බව JDS සංවිධානය ඊයේ සවස ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් පවසා තිබේ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කීප දෙනකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ නුවන් බෝපගේ මෙසේ පැවසිය.

“පොලීසි ගණනාවක මේ පිරිස රඳවා තබාගෙන ඉන්නවා. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා බස් රථයක තබාගෙන දරුණු ලෙස පහර දුන්නා කියලා වාර්තා වෙනවා. වසන්ත මුදලිගේ ගේ ජීවිතය අවදානම්. මේ සියලු දෙනාවම එක තැනක රඳවා තබාගැනීමේ හැකියාව තියෙද්දි කණ්ඩායම් කණ්ඩායම් තැන් තැන්වල රඳවාගෙන තිබෙනවා. එක බරපතළ සැකයක් මතු කරන කරුණක්.”

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...