විද්වතුන් වියතුන් වේදිකාවට නංවන සංදර්ශනය අවසන්. දැන් වේදිකාවට අවශ්‍ය අරගලකරුවන්.

පාරෙ ගියොත්, බාර් එකකට ගියොත්, බස් එකක ගියොත් කොහේ ගියත් අපට දකින්න ලැබෙන්නේ කළකිරුණු, කෝපයට පත් වුණු මුහුණු. අවුරුදු 74ක පාලනය අපට ඉතිරි කර තිබෙන්නේ ඒක. ජන අරගල ව්‍යාපාරයේ පළමුවැනි සමුළුව ඇමතූ සමාජ ක්‍රියාකාරිකයකු හා කලා විචාරකයකු වන විදර්ශන කන්නන්ගර එසේ අදහස් පළ කළේය ……. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කලේ

මේ ප්‍රශ්නය වටහාගෙන ඊට දිගුකාලීන විසඳුමක් දෙන ජනතාවක් ගොඩනගන එක. ජනතාවගේ අතෘප්තිය, විසඳුමක් සොයන බලයක් බවට සංවිධානය කරන එක. එහෙම නැතිව අපි මේ මුහුණ දෙන කාලකන්නිකමෙන් අද හෙට ගැලවීමක් නෑ. එහෙම හිතන ඕනෑම නායකයකුට උරුම වෙන්නේ ගෝඨාභයට වෙච්ච දේ. අද දවසේ මුහුණ දෙන දේශපාලන ආර්ථික අර්බුදයටත් හදිසි විසඳුමක් දෙන්න යන කාටත් උරුම වෙන්නේ ඉතිහාසයේ කුණු බක්කිය.

අරගල සංවිධානය කිරීම විතරක් නොවෙයි, අරගලය සමග එකතු වුණු ජනතාවගේ ගැටලුවලට විසඳුමක් දෙන ව්‍යාපාරයක් ගම් නියම්ගම් තුළ නිර්මාණය කළ යුතුයි. ‘ජන අරගල ව්‍යාපාරය’ අවශ්‍ය ඒකට. කඩා වැටුණු රට ගොඩනගන බලය වමේ ව්‍යාපාරය අතට ගන්න එවැනි විසඳුම් දෙන ජනතා බලයක් අවශ්‍යයි.

කලාව හා සංස්කෘතික ක්ෂේත්‍රය තුළ වැඩ කරන කෙනෙක් විදියට මම දන්නවා පොතක් පතක් කියවන්න තියෙන අවකාශය හැකිළිලා. චිත්‍රපටයක් බලන්න බෑ. නාට්‍යයක් බලන්න බෑ. ඒ සියලු අවකාශ වැසෙමින් යනවා. ඒක ඛේදවාචකයක්. ජනතාවගේ වේදනාව කලාත්මකවත් සංස්කෘතිකවත් පිට වෙන්න අවකාශයක් අවශ්‍යයි. ඒකත් හැකිලෙමින් යනවා. පීඩිත පන්තියට විනෝද වෙන්න තියෙන අවකාශයත් හැකිළෙමින් යනවා.

මේ සංකීර්ණත්වය වටහා ගන්න බැරි නම් විසඳුම් සෙවීමත් කරන්න බෑ. ඒ වෙනුවෙන් අපි ජන අරගල ව්‍යාපාරය ඉදිරියට ගෙන යායුතුව තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...