ඇත්ත පුවත්පතේ නින්නාද තීරුව ලිට් රුම් සූම් සංවාදයට

මෙම සතියේ ලිට් රූම් සුම් සංවාදය වෙන් කර තිබෙන්නේ “නින්නාද” තීරු ලිපි එකතුව වෙනුවෙන් ය. නින්නාද තීරු ලිපි එකතුව සමන්විතව ඇත්තේ 2019 / 2020 දි පමණ “ඇත්ත” පුවත්පතේ ජනප්‍රිය අංගයක් වූ නින්නාද තීරු රචනා එකතුවකිනි. නින්නාද තීරු ලිපි ඇත්ත පිටු අතරට එකතු කළේ රාවය පුවත්පතින් ජනමාධ්‍ය ලොවට පැමිණි හර්ෂිනි පුෂ්පමාලා ආර්ච්චිගේ මාධ්‍යවේදිනිය විසිනි. එම තීරු ලිපි එකතුව, ගොඩගේ ප්‍රකාශනයක් ලෙස 2021 වසරේදි මුද්‍රණයෙන් පළ විය. එම වසරේ විද්‍යෝදය සාහිත්‍ය සම්මානය සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ අවසන් වට සඳහා ද “නින්නාද” නිර්දේශ වීම විශේෂිත ය.

රාවය, ඉරුදින, ඉරුරැස, දෙසතිය, ලංකා, ඇත්ත , සත්හඩ ආදි විකල්ප ධාරාවේ පුවත්පත් රැසකට සිය දායකත්වය ලබා දී ඇති හර්ෂිනි පුෂ්පමාලා සත්හඬ පුවත්පතේ ලියූ “තුනු විල” තීරු ලිපි එකතුව ද එම නමින්ම 2017 වසරේදි මුද්‍රණයෙන් පළ කළ අතර, එම වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මාන අවසන් වටයට ද එම කෘතිය නිර්දේශ විය. 2018 වසරේදි “ලංකා” පුවත්පතට ලියන්නට පටන් ගත් “වළාකුළ අග” තීරු ලිපි පෙල වර්තමානයේ රසිකයන් අතරට පැමිණෙන්නේ අනිද්දා පුවත්පතේ තීරුවක් තුළ ය. ඒ හරහා ඇය ජනතාවගේ එදිනෙදා ජීවිත ගැටලු පමණක් නොව, ශ්‍රි ලංකා දේශපාලනයේ කැත කිලුටු ද නොබියව හෙළි කරන්නී ය.

නින්නාද තීරු ලිපි එකතුව පිළිබඳ සූම් සංවාදයට සම්පත් දායකත්වය ලබා දෙන්නේ තරංගා රණසිංහ, විමල් කැටපෙආරච්චි සහ සඳුන් ප්‍රියංකර විතානගේ ප්‍රවීණ ජනමාධ්‍යවේදීන් විසිනි.

මැයි මස 3 වන ඉරු දින, පස්වරු හතට සූම් අවකාශයේ දි දිග හැරෙන ලිට් රූම් සංවාද මාලාවේ 16 වන අංගයට සහභාගි වන ලෙස එම සමූහය ඔබ සැමට ආරාධනා කර සිටියි.

සූම් සංවාදයට සම්බන්ධ වීමට පහත සඳහන් හැඳුනුම් අංකය හා මුර අංකය භාවිත කරන්න. නැතහොත් “සාහිත සංවාද” යු ටියුබ් චැනලය හරහා සජීවී ව නරඹන්න.
Meeting ID: 845 8577 1133
Passcode: 805451

නිරෝෂ ප්‍රනාන්දු

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්