ඉන්දියාවේ පුද්ගලයෙක් තම සහෝදරියගේ මරණය සනාථ කිරීමට ඇටසැකිල්ල බැංකුවකට රැගෙන ගිහින්

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ හි 59 හැවිරිදි ආදිවාසී ජන කණ්ඩායමකට අයත් මිනිසෙකු තම සහෝදරියගේ ඉතුරුම් මුදල් ලබාගැනීම සඳහා ඇගේ ඇටසැකිල්ල රැගෙන බැංකුවකට යාමේ සිදුවීමක් ගැන මුළු ලෝකයේම අවධානය යොමුව තිබුණි.

මියගිය සහෝදරියගේ ගිණුමේ තිබූ රුපියල් 19,300 ක ඉතිරිකිරීම් ලබා ගැනීමට ඇගේ දේහය ගොඩගෙන මෙලෙස රැගෙන ගොස් තිබුණි.

කෙසේවෙතත් මෙම සිදුවීමෙන් දිනකට පසු බැංකුව විසින් ඔහුට පොලිය ඇතුළුව රුපියල් 19,402 ක් මුදලක් අදාළ පුද්ගලයා වෙත භාර දී තිබේ. පරිපාලනය ඔහුට නීත්‍යානුකූල උරුමක්කාර සහතිකය සඳහා අයදුම් කිරීමට සහාය වී ඇති අතර වෛද්‍ය නිලධාරියා ඔහුගේ සහෝදරියගේ මරණ සහතිකය ලබා දී තිබේ.

සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වූ වීඩියෝවක ජිතු මුන්ඩා නමැති මෙම පුද්ගලයා බැංකු ගොඩනැගිල්ලෙන් පිටත තම සහෝදරිය වන කලාරාගේ දේහය සහිත ගෝනියක් තබනු දැකිය හැකි විය. තම සහෝදරියගේ ඉතිරිකිරීම් ආපසු ලබා ගැනීමට කළ ඉල්ලීම බැංකු නිලධාරීන් නැවත නැවතත් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඇගේ ඇටසැකිලි දේහය ගොඩ ගැනීමට සිදු වූ බව ඔහු පැවසීය. අඟහරුවාදා, මුදල ලැබීමෙන් පසු, ජිතු පැවසුවේ තමා සතුටු වන බවත්, තම සහෝදරියගේ ඉතිරිකිරීම් ඔහුගේ සහෝදර සහෝදරියන් හතර දෙනා අතර බෙදා හරින බවත්ය.

ඔඩිෂා ග්‍රාමීන් බැංකුවේ මල්ලිපාසි ශාඛාවේ නිලධාරීන් සඳුදා පවසා තිබුණේ පළමු වරට බැංකුවට පැමිණි ජිතුට මරණ සහතිකයක් හෝ නීත්‍යානුකූල උරුමක්කාරයා බව තහවුරු කිරීමට කිසිදු ලේඛනයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවයි.

බැංකු නීතිරීතිවලට අනුව, ගිණුම් හිමියා මිය ගියහොත්, මුදල් ලබා ගැනීමට උත්සාහ කරන පුද්ගලයා මරණ සහතිකයක් සහ නීත්‍යානුකූල උරුමක්කාර සහතිකයක් ඉදිරිපත් කළ යුතුය. ඔඩිෂා ග්‍රාමීන් බැංකුවේ මල්ලිපාසි ශාඛාවේ කළමනාකරු සුසන්ත් කුමාර් සේති පැවසුවේ, ඔහු බැංකුවට පැමිණි විට ජිතුට නීති පැහැදිලි කළ බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...