පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා සහභාගී වූ ජන හමු දෙකක් මිලානෝ සහ බ්‍රෙෂිය නගරවල පවත්වනු ලැබුවා. පළමු ජන හමුව ඔක්තෝම්බර් 30 වන දා බ්‍රෙෂිය නගරයේත් දෙවන ජන හමුව නොවැම්බර් 2 දා මිලානෝ නගරයේත් පැවැත් වූ අතර රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව කුමාර් ගුණරත්නම් සහෝදරයා අදහස් පළ කළා.





පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා, ‘අභියෝග හා විසඳුම’ යන තේමාවෙන් නොවැම්බර් 02 වැනි දින ඉතාලියේ මිලානෝ නගරයේ ලොත්තා කොමියුනිස්තා පක්ෂයේ “චිර්කලෝ ඔපරායා (කම්කරු කවය) ශාලාවේදී පැවැති ජනහමුව අමතන ලදී. මෙම රැස්වීම පැවැත්වුණේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මිලානෝ සංවිධායක වලවේ ගමගේ සහෝදරයාගේ ප්‍රධානත්වයෙනි.






									
															
															
															
															
															
															
																	
															
															



