Pfizer සහ BioNTech එන්නත බලාපොරොත්තුවක්ද?

90% ට වැඩි ප්‍රමාණයකින් පුද්ගලයින් කෝවිඩ්-19 වැළඳීමෙන් වැළැක්විය හැකි පළමු කොරෝනා වෛරස එන්නත බිහිවී ඇති බව මූලික විශ්ලේෂණවලින් පෙන්වා දී තිබේ.

මෙය “විද්‍යාව හා මානව හිතවාදී බව සම්බන්ධයෙන් විශිෂ්ඨ දිනයක්” ලෙසට එන්නතේ නිපැයුම්කරුවන් වන Pfizer සහ BioNTech විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

රටවල් හයක පුද්ගලයින් 43,500ක් මත එන්නත අත්හදා බලා ඇති අතර සුරක්ෂාව පිළිබඳ ගැටලුවක් පැන නැගී නැත.

අතරමැදි සති තුනක විරාමයක් අවශ්‍ය කෙරෙන මාත්‍රා දෙකක් මින් ලබා දේ. එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබාදී දින 7 ක් ගෙවී ගිය තැන 90% තරම් ආරක්ෂාවක් ළඟා කරගත හැකි වූ බව එක්සත් ජනපදය, ජර්මනිය, බ්‍රසීලය, ආර්ජන්ටිනා, දකුණු අප්‍රිකාව හා තුර්කිය යන රටවල කරන ලද පරීක්ෂණවලදී පෙන්වා ඇත.

එක්සත් රාජධානිය මේ වන විට මාත්‍රා මිලියන 30 ක් ඇණවුම් කර තිබේ.

උපුටා ගැනීම bbc

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...