කෝරෝනා ,ජාතිවාදය සහ පීඩිත පංතිය මතට වරද පැටවීමේ ධනේශ්වර දෘෂ්ඨිවාදය.

ඕස්ට්‍රේලියානු ධනේශ්වර මාධ්‍යය සහ වික්ටොරියානු ආන්ඩුව විසින් මධ්‍යම පාංතික ජනතාව අතරට , කොරෝනා දෙවැනි රැල්ල ඇතිවීමට හේතුව බහුවාර්ගික සංක්‍රමණිකයන්, මුස්ලිම් ජාතිකයන් සහ උද්ඝෝෂකයන් නිසා යැයි මතයක් ගොඩ නැගීමට ප්‍රභල උත්සහයක් ගනිමින් සිටියි.

ධනේශ්වර දේශපාලනයෙ චලනයන් සහ භාවිතාව නිසියාකාරව තේරුම් නොගන්නා ජනතාව මේ සාවද්‍ය ප්‍රකාශ පිලි ගැනීම කණගාටුවට කාරණාවකි.

පසුගිය දා මෙල්බර්න් නගරයෙ පැවැති කළු ජාතිකයන්ට වන අසාධරණයන්ට එරෙහි උද්ඝෝෂණයෙදි එක් කොරොනා රෝගියෙකු පසුව වාර්ථා වුන අතර, ඔහු නිසා රෝගය පැතිර නොගිය බව වික්ටොරියානු ප්‍රධාන සෞඛ්‍ය බලධාරීයා පුන පුනා පවසද්දි, එම මතය සමාජ ගත කිරීමට සමහර මාධ්‍ය සහ පුද්ගලයන් ක්‍රියා කරන ලදී.

මෙල්බර්න් ප්‍රධාන නගරයේ ට්‍රෑම් රථ පිරිසිදු කරන්නෙකුට වෛරසය ආසාධනවූ අතර එය රියදුරන්ට නොදැන්වීමට ධනේශ්වර කොම්පැණිකාරයන් වග බලා ගන්නා ලදී .

බොහො සුපිරි වෙලද සැල් වලින් මෙන්ම පුහුණුව රහිත සේවකයන් යොදවන ලද නිරෝධායන හෝටල් වලින් රෝගීන් සමාජයට නිරාවරණය වූ අතර, එවැනි ධනේශ්වර සමාගම් වල ලාභ ඉපයීමේ ක්‍රියාවලියට හානි වන කිසිදු ප්‍රකාශයක් කිරීමට වික්ටොරියානු රජය පරිස්සම් විය.

රජය විසින් මුහුණු ආවරණ සහ සෞඛ්‍ය උපකරණ වලට මුදල් ආයෝජනය කරනවාට වඩා ඩොලර් බිලියන 270ක් මුදල් යුධ ආයුධ වලට වෙන් කිරීම ගැන බොහො දෙනෙකු නෑසු කන් ඇතුව සිටීම පුදුමයට කරුණකි.

ධනෙශ්වර රාජ්‍යයන් වසංගතයට මුවා වී තම අසාර්ථකත්වය වසා ගැනීමට මවන දෘෂ්ඨිවාදයන්ට මුලා නොවී කරුණු නිසියාකාරව සොයා බලා දැණුවත් වීම රෝගයට අභියොග කිරීමේදි ඔබෙන් ඉටු විය යුතු වගකීමක් බව අපි විශ්වාස කරමු.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...