ඉන්දිය රජය සමග අත්සන් කළ ගිවිසුම් 7ක් ඇති බවත් ඒවා සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට දෙපාර්ශ්වයේ එකඟතාව ඇතිකරගත යුතු බවත් රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු එසේ පිළිතුරු දෙන්නෙ, මාධ්‍යවේදියකු විසින් අසන ප්‍රශ්නයකට. මාධ්‍යවේදියා අහන්නෙ, ඉන්දියාව සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුමේ අඩංගු වගන්තියක් සම්බන්ධවයි. එනම්, “චීනයේ පර්යේෂණ නෞකාවලට ලංකාවේ මුහුදු සීමාවේ පර්යේෂණ කිරීමට අවසර නොදෙන බවට ඒ ගිවිසුමේ එකඟතාවක් තිබෙනවාද?” යන්නයි. එහිදී නිශ්චිත ප්‍රශ්නය මගහැර යමින් ඇමති නලින්ද කියන්නෙ “ගිවිසුම් එකක් නෙවෙයි හතක්” අත්සන් කළ බවයි.
මාධ්‍යවේදියා නැවත අහනවා, චීනයේ පර්යේෂණ නෞකාවලට ලංකාවේ මුහුදු සීමාවේ පර්යේෂණ කිරීමට අවසර නොදෙන බවට මේ නිශ්චිත කාරණය සම්බන්ධව. එවරත් ඔහු පිළිතුරු දෙන්නෙ නිශ්චිත කාරණය මග හරිමින්, “පාර්ලිමේන්තුවෙදි මේ ගැන කරුණු ඉදිරිපත් කළ බවත් ඔය සමහර කාරණා පිළිබඳ සඳහන් කරන්න නං දෙපාර්ශ්වයේ එකඟතාවක් අවශ්‍ය බව” කියා සිටිනවා.
ඉදිරියෙදි ඒ සම්බන්ධ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කියමින් ඇමතිවරයා පෙන්වා දෙන්නෙ, ඒ සඳහා යම් කාලයක් ගතවන බවයි. එහිදී ඔහු තමන් කලින් මාධ්‍ය හමුවකදි මේ සම්බන්ධ විමසූ මාධ්‍යවේදින්ට කියු පිළිතුරක් මතක් කරනවා. ඊටත් කලින් තොරතුරු අවශ්‍ය නම් තොරතුරු දැනගැනීමේ පනතින් දැනගන්න කියලා කිව්වෙ ඒ නිසා කියා ඇමති නලින්ද කියනවා.
එහිදී මාධ්‍යවේදියකු විමසා සිටින්නේ “මේ ගිවිසුම්වල එකඟ විය නොහැකි කාරණයක් මතු වුවහොත් ඒවා ඉදිරියේදී සංශෝධන කිරීමේ හැකියාවක් තිබෙනවාද?” යන්නයි. එවරද ඇමති නලින්ද සූක්ෂම ලෙස ලිස්සා යන්නේ
“ඔබ නොදැකපු ගිවිසුමක්, මේ කරෙයිනගර් ජැටිය සම්බන්ධ අත්සන් කළ ගිවිසුම” යනුවෙන් ප්‍රශ්නයට අදාළ නොවන කරුණක් ඉදිරිපත් කරනවා. මාධ්‍යවේදියා නැවත වරක් විමසන්නේ ගිවිසුම්වල සංශෝධන කිරීමේ හැකියාවක් තිබෙනවාද යන්නයි. එවර ඇමතිවරයා දුන් පිළිතුරෙ අඩංගු වෙන්නෙ මෙවැනි අදහසක්.
“මෙම ගිවිසුම් ගැන මම දැන් කිව්වා නෙවෙයි, අත්සන් කළ පසුව නිලවශයෙන් ගිවිසුම් හතක් අත්සන් කළ බව ප්‍රකාශ කළා. මේවා අවබෝධතා ගිවිසුම් පමණයි. ඉන්පසුව මින් පෙර විටින් විට ඒ ගැන ප්‍රකාශ කළා. රජය වශයෙන් එහි වගකීම භාර ගෙන අත්සන් කළා, දේශපාලකයන් පමණක් නෙවෙයි, ඊට අදාළ අමාත්‍යංශ නිලධාරින්, නීතිපති දෙපාර්තමේන්තුව මාස ගණනක් සාකච්ඡා කර අධ්‍යයනය කර සමහර කරුණු සංශෝධනය කර, සමහර කරුණු එකතු කර ආව එකඟතා මත අත්සන් කළ ගිවිසුම්”.
නමුත් මෙහි පරස්පරය පැහැදිලියි. ඒවා මාස ගණනක් ගිය ක්‍රියාදාමයකින් පසුව අත්සන් කළේ අවබෝධතා ගිවිසුම් පමණක් යන කාරණය කියමින්ම සංශෝධනය කිරීමක් කරන්න නොහැකි බවට ඇඟවුමක් තිබේ. මාස ගණනක් ගිය ක්‍රියාවලියකින් පසුව මේ ගිවිසුම් අත්සන් කළා නම් මේ ආකාරයේ ගිවිසුම්වලට එළඹෙන බවක් ගැන කිසිවක් මේ රටේ ජනතාව දැන සිටියේ නැත. මාස ගණනක් ගිය ක්‍රියාවලිය නිලධාරින් දැන සිටියා නම්, ඒ ගැනත් ඇමතිවරයා කියන ‘තොරතුරු දැනගැනීමේ ක්‍රියාවලියකින්’ දැන ගත හැකිවනු ඇත. අනෙක් කාරණය මේවා ජනතාවට දැන ගන්නට කිසිදා නොැලබෙන බවක්ද ඇඟවුමේ ඇත.
මේ ආකාරයෙන් ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් මොනවාද යන්න මාධ්‍යවේදීන් විමසීම මෙන්ම දේශපාලන පක්ෂවලින් විමසීම සිදු වුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු දැනගැනීමේ අයදුම් පතක් ඉදිරිපත් කළා. නමුත් දින 14කින් ඒ සඳහා ප්‍රතිචාරයක් දිය යුතු වුවත් එය තවමත් ලබා දී නෑ.
ඇමති නලින්ද අද කියන ආකාරයට, “සමහර කාරණා පිළිබඳ සඳහන් කරන්න නං දෙපාර්ශ්වයේ එකඟතාවක් අවශ්‍ය” නම්, “තොරතුරු අවශ්‍ය නම් තොරතුරු දැනගැනීමේ පනතින් දැනගන්න” යනුවෙන් ඔහු මින් පෙර මාධ්‍යවේදින්ට කළ ප්‍රකාශය, නොමග යවන සුලුයි, වංචනිකයි.
ඒ වගේම, ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවට, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රසිද්ධියේ ජනතාවට කියා සිටීමත් නොමග යවන සුලුයි.
මේ ආකාරරයෙන් ජනතාවට එකක් කියමින් වෙන දෙයක් කරන්නට ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් කටයුතු කිරීම දැන් කාලයක් තිස්සේ සිදුවන දෙයක්. මැතිවරණයට කලින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කර ලංකාවට අදාළ කොන්දේසි වෙනස් කරන බව ඔවුන් මැතිවරණ වේදිකාවල කියුවත් ආණ්ඩු බලය ලබා ගත් පසුව, එවැනි සාකච්ඡාවක් නැතිවම රනිල් වික්‍රමසිංහ අත්සන් කළ එකඟතා සමග ගමන් කරමින් ලංකාවේ ආර්ථිකයේ බර ජනතාව මත පටවන පිළිවෙතේම සිටිනවා.
බරපතළම කාරණය ඉන්දියාව සමග මෙසේ අත්සන් කළ ගිවිසුම් ගැන රහසිගතව තබා ගැනීම. දෙපාර්ශ්වය මේවා හෙළිකරන්න එකඟ නැත්නම්, ජනතාවට කවදාවත් ඒවා දැනගන්න ලැබෙන්නෙ නෑ. දෙපාර්ශ්වය කියන්නෙ කවුද? එක පාර්ශ්වයක් ඉන්දියාවෙ මෝඩි ආණ්ඩුව. අනෙක් පාර්ශ්වය ලංකාවෙ අනුර කුමාර දිසානායකගෙ ජාතික ජන බලවේගය ආණ්ඩුව.