ප්‍රවීන කවියකු, ගී පද රචකයකු මෙන්ම ලේඛකයකු වූ නයනසේන වන්නිනායක අභාවයට පත් විය.

අනුරාධපුර ප්‍රදේශයේ උපන් ඔහු අනුරාධපුර මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා මොරටුව සරසවියෙන් උසස් අධ්‍යාපනය ලැබූ ඔහු වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවකු විය.

කෙසේවෙතත් ලේඛකයකු ලෙසද සිය නිර්මාන බිහි කරමින් වඩා යහපත් මිනිස් සමාජයක් වෙනුවෙන් පෑන හැසිරවීම ඔහුගේ විශේෂත්වය විය. 90 දසකය ආරම්භයේ පටන් පුවත්පත් ලේඛකයකු ලෙසද කටයුතු කළ ඔහු සිය කාව්‍ය නිර්මාණ හා පුවත්පත් කලාවේදී මෙහෙය ඉටු කිරීමේදී ජනතාවගේ යහපත ප්‍රමුඛ කරගත්තකු විය. කලක් විදේශගතව සිටියද ඔහු එම කාලයේදීද ලංකාවේ වසන්නකු මෙන්ම සාහිත්‍ය කටයුතුවලදී නිරන්තරව සංවේදී නිර්මාණකරුවකු විය.

ඔහු විසින් දිගු කලක් ලියූ කවි ‘අකුරක් හොයමි’ නමින් 2016 දී පළ කළ නයනසේන වන්නිනායක, ගී පද රචනා නිර්මාණයටද නැඹුරු විය. එම ගේය පද නිර්මාණ එකතුවක් ‘තිසාවැව ළඟ රළපනාවේ’ නමින් 2018 දී ප්‍රකාශයට පත් කෙරිණි.

මහනුවර ගොඩපොළ ප්‍රදේශයේ සිය නිවසේ ජීවත් වූ ඔහු හදිසියේ රෝගාතුරව අභාවයට පත් වූ අතර වසංගත තත්වය නිසා කෙටි කාලයකින් අවසන් කටයුතු කිරීම සිදුවනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...