වැනිසියේ රසායනික කර්මාන්ත ශාලාවක ගින්නක්

වැනීසියට නුදුරින් පිහිටි Marghera (VE) නගරයේ සිග්මා රසායනික කර්මාන්ත ශාලාවේ ඇතිවූ පිපිරීමක් හේතුවෙන් විශාල ගින්නක් හටගෙන ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් ඔවුන් දෙදෙනා බරපතල තත්වයෙන් පසුවෙනවා .

රසායනික කර්මාන්ත ශාලාවේ ගින්නේ බලපෑම මීටර් 10 000 ක වපසරියකට බලපැවැත්වෙන බවත් ඒ අවට ජිවත් වෙන ජනතාවට නිවෙස් වලින් පිටත නොයන ලෙස අනතුරු අගවා තිබේ . ඒවගේම සියලු නිවෙස් වල දොර ජනෙල් වසා තෙත රෙදි එලීමට උපදෙස් දී තියනවා .

මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් අංශයේ න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක, රසායනික හා විකිරණශීලී හදිසි අවස්ථා සඳහා පුහුණුව ලද විශේෂඥ කණ්ඩායම් අටක් මැදිහත්වී තිබුනා .මෙම කණ්ඩායමට ගිනි නිවන භටයන් අනූ දෙනෙක් ඇතුළත් බව වාර්තා වේ.

ප්‍රදේශයේ දුම්රිය ඇතුළු සියලු පොදු ප්‍රවාහන කටයුතු මෙන්ම ප්‍රදේශය හුදකලා කිරීමට කටයුතු කර තියෙනවා.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...