අභිමාන රැක ගැනීම වෙනුවෙන් වර්ජනය

අයවැයෙන් සිදුකළ පඩි වැඩි කිරීමේ ක්‍රියාවලියේ අපැහැදිලිකම් හේතු කොටගෙන මේ වන විට රාජ්‍ය සේවයේ නියුතු වෘත්තිකයන් ආණ්ඩුවට එරෙහිව විරෝධතා ක්‍රියාමාර්ගයන් වෙත එළඹීමට සූදානම් වෙන බව පසුගිය සති දෙක තුළ විටින් විට අසන්නට ලැබුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ ඔවුන්ගේ දීමනා කප්පාදුවට එරෙහිව මාර්තු පස්වනදා වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනා කප්පාදු වෙන බව ඔවුන් පවසනවා. මේ එළඹෙන පස්වනදාට ප්‍රථම රජය පිළිතුරක් ලබා නොදුන්නොත් අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාමාර්ගයට එළඹෙන බව පවසනවා.

රජයේ වෛදි නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ රැස්වීමක් මාර්තු තුන්වෙනිදා කැඳවා තිබුණා. අසූවෙන් එකක් විස්සෙන් එකක් දීමනාව තිබිච්ච දෙයක්. මේ ආණ්ඩුව විසින් කප්පාදු කරලා තියෙන්නේ ඒක. කිසිදු ආණ්ඩුවක් මේ දීමනා කප්පාදු කරන්න කටයුතු කළේ නැහැ. එලෙස ප්‍රකාශ කළේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාසයි.

මේ ගැටළුවට විසඳුමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්, අප්‍රේල් මාසයේ වැටුප ලැබෙන තෙක් ඉවසීමෙන් කටයුතු කරනු ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පැහැදිලි කිරීමට අනුව වසර තුනකින් මූලික වැටුප් වැඩි කිරීම සිදුවුණත් 2025 අප්‍රේල් මාසයේ සිට දීමනා ගණනය කිරීම සිදුවන්නේ 2008 ජනවාරි වැඩිවන සමස්ත වැටුප් වැඩිවීමට අනුකූලව .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...