අභිමාන රැක ගැනීම වෙනුවෙන් වර්ජනය

අයවැයෙන් සිදුකළ පඩි වැඩි කිරීමේ ක්‍රියාවලියේ අපැහැදිලිකම් හේතු කොටගෙන මේ වන විට රාජ්‍ය සේවයේ නියුතු වෘත්තිකයන් ආණ්ඩුවට එරෙහිව විරෝධතා ක්‍රියාමාර්ගයන් වෙත එළඹීමට සූදානම් වෙන බව පසුගිය සති දෙක තුළ විටින් විට අසන්නට ලැබුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ ඔවුන්ගේ දීමනා කප්පාදුවට එරෙහිව මාර්තු පස්වනදා වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනා කප්පාදු වෙන බව ඔවුන් පවසනවා. මේ එළඹෙන පස්වනදාට ප්‍රථම රජය පිළිතුරක් ලබා නොදුන්නොත් අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාමාර්ගයට එළඹෙන බව පවසනවා.

රජයේ වෛදි නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ රැස්වීමක් මාර්තු තුන්වෙනිදා කැඳවා තිබුණා. අසූවෙන් එකක් විස්සෙන් එකක් දීමනාව තිබිච්ච දෙයක්. මේ ආණ්ඩුව විසින් කප්පාදු කරලා තියෙන්නේ ඒක. කිසිදු ආණ්ඩුවක් මේ දීමනා කප්පාදු කරන්න කටයුතු කළේ නැහැ. එලෙස ප්‍රකාශ කළේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාසයි.

මේ ගැටළුවට විසඳුමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්, අප්‍රේල් මාසයේ වැටුප ලැබෙන තෙක් ඉවසීමෙන් කටයුතු කරනු ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පැහැදිලි කිරීමට අනුව වසර තුනකින් මූලික වැටුප් වැඩි කිරීම සිදුවුණත් 2025 අප්‍රේල් මාසයේ සිට දීමනා ගණනය කිරීම සිදුවන්නේ 2008 ජනවාරි වැඩිවන සමස්ත වැටුප් වැඩිවීමට අනුකූලව .

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...