Breaking News

තෝරදෙණිය ඉන්ද්‍රානන්දට වෙට්ටු දමන්නේ ඇයි

1989 කාල වකවානුවේ හමුදාවේ හිටපු ඉහල නිලධාරීයකු වන “තෝරදෙණිය “

“2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිලිබද පනත ” උපයෝගී කරගනිමින් පෞද්ගලිකව නඩුවක් පවරමින්, එම පනත යටතේ රෝහණ වීජේවීර ඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවකු වන ඉන්ද්‍රානන්ද සිල්වාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අධිකරණය හරහා තාවකාලිකව නවතා ඇත.

මේ වන විට ඉන්ද්‍රානන්ද සිල්වා විජේවීර ඝාතනය සහ බටලන්ද වධකාගාරයේ ඝාතන සම්බධයෙන් සදහන් කරමින් එම ඝාතන පිලිබදව තමා සතුව වැදගත් සාක්ෂි ඇති බව ප්‍රකාශ කරමින්, එකී ඝාතන පිලිබදව වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙස ඉල්ලමින් CID ය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

එවැනි පැමිනණිල්ලක් ඉදිරිපත් කර තිබියදි තෝරදෙණිය මේ උත්සාහය කරනුයේ අතීතයේ සිදු වූ අපරාධ පිලිබදව නැග එන සමාජ කතිකාව සහ ඔහුට එරෙහිව නැගෙන චෝදනාව.

“2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිලිබද පනත ” උපයෝගී කරගනිමින් යටපත් කිරීමට බව බැලු බැල්මටපෙනේ. එසේම එවැනි ඝාතන වලට වගකිව යුතු අපරාධකරුවන්ද තෝරදෙණියගේ මේ මැදිහත් වීමට සතුටු වනු ඇත.

රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කරන ලද “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිලිබද පනත් කෙටුම්පත “ට එරෙහිව වත්මන් ආණ්ඩුවේ නායකයින් ,ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය විරෝධය පල කල අතර එකී පනත් කෙටුම්පත ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම්ද ගොනු කරන ලදි.ඉන් නොනැවතුනු ජාතික ජනබලවේගය ප්‍රකාශ කලේ තම
පාලනයක් යටතේ “2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිලිබද පනත ” අහෝසි කරන බවයි.

තෝරදෙණියගේ නඩුවට භාවිතා කොට ඇති කඩුව වන්නේ “2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිලිබද පනත “යි.
එසේ නම් ජාතික ජනබලවේගය ආණ්ඩුව මහජන අපේක්ෂාවට අවනත වෙමින් පමා නොවී පුරවැසියා සතු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරන මේ “2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිලිබද පනත ” පනත අහෝසි කිරීමට වහා මැදිහත් විය යුතුය.

තෝරදෙණිය හරහා සිදු කර ඇත්තේ ” 2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිලිබද පනත ” උපයෝගී කර ගැනීම පිලිබදව මුට්ටිය දැමීමකි.

එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් රැක ගැනීමේ අරමුණු ඇතිව ඉන්ද්‍රාන්නදගේ පමණක් නොව සියලු පුරවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් හඩ නැගීමට මේ මොහොතේ දී එක්වන ලෙස මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාට ආරාධනා කරන්නෙමු.

ලංකා මානව හිමිකම් සංසදය
CEYLON HUMAN RIGHTS FORUM


https://vivaranews.com/archives/55256
https://vivaranews.com/archives/55259

leave a reply