ගම්මන්පිල හදිසියේම  පිල්ලයාන්ගෙ නීතිඥවරයා වන්නේ කුමක් හෝ යට ගැසීමට ද ?

හිටපු රාජ්‍ය ඇමතිවරයෙකු වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අප්‍රේල් 8 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගනු  ලැබුවේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2004 සිට 2006 දක්වා උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් පැහැරගෙන යාම සහ ඔහු අතුරුදන් කරවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි .

පිල්ලයන්ගේ නීතිඥවරයා ලෙස හදිසියේ පෙනී සිටින  උදය ගම්මන්පිල යුද්ධයට අදාළව ඔහුව ජාතික වීරයෙක් කරන්නට උත්සාහ දැරුවද පිල්ලයාන්ව අත්අඩංගුවට ගැනීම සිදුවී තිබෙන්නේ  යුද්ධය අවසන් වී වසර හයකට පසුව සිදුවූ අතුරුදහන් කිරීමක් සම්බන්ධයෙනුයි .

එපමණක් ද නොව මේ වීඩියෝවේදී 2019 සිදුවූ පාස්කු ප්‍රහාරය හා පිල්යන්ගේ සම්බන්ධතාවයක් ඇති බව ට සැකයක් ඇතැයි මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ප්‍රකාශ කරනවා . ඔහු මේ බව ප්‍රකාශ කළේ  අප්‍රියල් 16  වනදා පැවති මාධ්‍ය හමුවකදී ය .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...