දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය විවෘත කිරීම මෝදීට පේන්න පමණයි – හර්ෂගෙන් චෝදනා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරයේදී විවෘත කෙරුණු උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ හැකි දඹුල්ලේ කෘෂි ගබඩා සංකීර්ණය මේ දක්වා ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා චෝදනා කරයි.

එහි නිරීක්ෂණයකට අද (15) එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ අදාළ ගබඩා සංකීර්ණය විවෘත කළ බව පවසමින් වත්මන් ආණ්ඩුව ජනතාව රැවටීමකට ලක්කර ඇති බවය.

උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ හැකි පරිදි මෙට්‍රික් ටොන් 5000ක ධාරිතාවක් සහිතව ඉදිකළ දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණයෙහි ඉදිකිරීම් ආරම්භ වූයේ ඉකුත් 2019 වසරේ පැවති යහපාලන ආණ්ඩු සමයේ, තමන් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යධුරය දරමින් සිටියදී බව හර්ෂද සිල්වා පවසා තිබේ .

කෙසේවෙතත් එම සංකීර්ණය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරයේදී පසුගිය 05 වැනිදා මාර්ගගත ක්‍රමය ඔස්සේ විවෘත කෙරුණි.

එහි වත්මන් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ එහි ගිය අතර ගබඩා සංකීර්ණයේ තත්ත්වය සම්බන්ධයෙන් මන්ත්‍රිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සජීවී වීඩියෝවක් පළ කර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...