Breaking News

අනුරගෙන් මැතිවරණ වේදිකාවලදී රජයේ රැකියා ගැන වෙනස් පොරොන්දුවක්

අනුර කුමාර ජනාධිපතිවරයා තමන් සහභාගී වෙන මැතිවරණ රැළිවලදී ජනාධිපතිවරයා ලෙස තමන්ට ඇති බලය පාවිච්චි කරමින් මැතිවරණ පොරොන්දු ලබාදෙනු දැකිය හැක. අද මන්නාරම පැවති මැතිවරණ රැළියකදී ද ඔහු මෙවැනි පොරොන්දු රැසක් ලබාදී තිබේ.

සමහර මැතිවරණ පොරොන්දු ජනාධිපතිවරයා වෙනත් අවස්ථාවල කරන ලද ප්‍රකාශවලට පටහැනි ඒවාද වේ . ඒ සඳහා හොදම උදහරණයක් වන්නේ රජයේ රැකියා 30,000ක් ලබාදෙන බව පොරොන්දු වීමයි. ජනාධිපතිවරයා මිට මසකට පමණ පෙර පාර්ලිමේන්තුවේදී පැවසුවේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහා එකවර රැකියා විශාල ප්‍රමාණයක් ලබා දීම තම ප්‍රතිපත්තිය නොවන බවයි .

එසේනම් මැතිවරණ රැලියකදී එය වෙනස් කරන්නේ ඡන්ද ලබාගැනීමේ අවශ්‍යතාවය මතද යන සැකය ඇතිවේ. එසේම ජනාධිපතිවරයා බහුතර දමිළ ජනතාව ජීවත්වෙන ප්‍රදේශවලට ගොස් පොලිස් දෙපාර්තමේන්තුව වෙත බැඳෙන ලෙසද ඉල්ලා සිටිනු දැකිය හැක. පසුගිය මහ මැතිවරණයේ දීද මෙවැනි ඉල්ලීමක් ජනාධිපතිවරයා විසින් සිදුකරන ලදී. නමුත් ජනාධිපතිවරයා ඒ ප්‍රදේශවල දක්නට ලැබෙන ඉඩම් ප්‍රශ්න වැනි දේවල් විසඳන බවට පොරොන්දු වෙනු දැකිය හැකි නොවේ.

මන්නාරම රැළිය අමතමින් අනුර කුමාර පැවසුවේ එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇති බවයි.

මේ අතර, උතුරු පළාතේ මාර්ග ඉදිකිරීම සඳහා රුපියල් දස ලක්ෂ පන්දාහක් වෙන් කර ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, උතුරු පොල් වගාවට ද විශාල මුදලක් වෙන්කර ඇතැයි ද පැවසු අනුර කුමර ජනාධිපතිවරයා,

“අවුරුදු 5, 6කට පස්සේ ලොකුම ඩොලර් සංචිතය අපිට තියෙනවා. මාස 6ක් තිස්සේ රුපියල හෙල්ලෙන්නේ නෑ. අපි තෙල් මිල අඩු කළා. විදුලිබිල අඩු කරා. අපි ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා. රාජ්‍ය සේවක පඩි වැඩි කරා. අස්වැසුම දීමනාව වැඩි කරා. ඒ විතරක් නෙමෙයි අලුතින් අස්වැසුමට ජූනි මාසයට අලුත් පවුල් ලක්ෂ 4කට ලබාදෙන්න කටයුතු කරනවා. පාසල් දරුවන්ට සියලු නිල ඇඳුම් දෙනවා. ළමයි 300ට වඩා අඩු පාසල්වලට සපත්තු ගන්න මුදල් දෙනවා. ළමුන් ලක්ෂ 16කට පාසල් පොත් ගන්න රු 6,000 බැගින් දුන්නා. ජනතාව බලාගන්න ආණ්ඩුවක්. ඒ විතරක් නෙමෙයි අපි අලුතින් අවුරුදු 5 – 6කට පස්සේ 30,000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා. මන්ත්‍රීවරු, ඇමතිවරු පස්සේ යන්න ඕන නෑ. පත්තරේ දානවා, විභාගයට වාඩි වෙන්න, වැඩිම ලකුණු ගන්න රස්සාව ලැබෙනවා. රාජ්‍ය සේවයේ දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිඟයක් තියෙනවා. පොලීසියෙත් එහෙමයි. ඒ නිසා අලුතින් පොලීසියට 2,000ක් බඳවා ගන්නවා. දෙමළ භාෂාව දන්න ඔබේ දරුවන්ව පොලිස් සේවයට බඳවන්න. ඒක ගෞරවාන්විත රස්සාවක්. අපේ රටේ නීතිය සාමය රකින්න තියෙන රස්සාව. තව පහසුකම් දෙනවා. රාජ්‍ය සේවයට දෙමළ භාෂාව පුළුවන් අය බැඳෙන්න. මේ රට අපි එකතු වෙලා හදමු.”

leave a reply