රාගල වත්තේ ගින්නෙන් නිවාස 20 ක් විනාශ වී අසූවකට ආසන්න ප්‍රමාණයක් අවතැන් වෙයි.

අද දහවල් 10:30 ට පමණ  විදුලි කාන්දුවක් හේතුවෙන් රාගල පොලිස් වසමේ රාගල වත්ත මැද කොටසේ වතු නිවාස පේළියක ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න හේතුවෙන් නිවාස විස්සකට පමණ හානි සිදුවී ඇති අතර  හැත්තෑවකට අධික ප්‍රමාණයක්  තම දේපල උන්හිටි තැන් අහිමි වී අවතැන් වී සිටී.  මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඔවුන්ගේ නිවාස තුළ ඉතුරු වුණු දේවල් පවා විනාශ වී ගොස් තිබේ.

මේ ගින්න හදිසි විදුලි කාන්දුවක් හේතුවෙන් සිදු වන්නට ඇතැයි සැක කරන අතර  අනතුරට පත් මිනිසුන් වෙනුවෙන්  ඩිනම් සහන අවශ්‍යව තිබේ. මේ අවතැන් වූ පිරිස අතර පාසල් යන වයසේ දරුවන් පාලොස් දෙනෙක් පමණ සිටින බවත් ඔවුන්ගේ පාසල් උපකරණ ඇතුළු සියල්ලම ගින්නට හසුව දැවී ගොස් තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...