රාගල වත්තේ ගින්නෙන් නිවාස 20 ක් විනාශ වී අසූවකට ආසන්න ප්‍රමාණයක් අවතැන් වෙයි.

අද දහවල් 10:30 ට පමණ  විදුලි කාන්දුවක් හේතුවෙන් රාගල පොලිස් වසමේ රාගල වත්ත මැද කොටසේ වතු නිවාස පේළියක ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න හේතුවෙන් නිවාස විස්සකට පමණ හානි සිදුවී ඇති අතර  හැත්තෑවකට අධික ප්‍රමාණයක්  තම දේපල උන්හිටි තැන් අහිමි වී අවතැන් වී සිටී.  මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඔවුන්ගේ නිවාස තුළ ඉතුරු වුණු දේවල් පවා විනාශ වී ගොස් තිබේ.

මේ ගින්න හදිසි විදුලි කාන්දුවක් හේතුවෙන් සිදු වන්නට ඇතැයි සැක කරන අතර  අනතුරට පත් මිනිසුන් වෙනුවෙන්  ඩිනම් සහන අවශ්‍යව තිබේ. මේ අවතැන් වූ පිරිස අතර පාසල් යන වයසේ දරුවන් පාලොස් දෙනෙක් පමණ සිටින බවත් ඔවුන්ගේ පාසල් උපකරණ ඇතුළු සියල්ලම ගින්නට හසුව දැවී ගොස් තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...