Breaking News

ඩෙල්ටා ප්‍රබේදය නිසා වසංගත අවදානම ඉහළ යද්දී ආණ්ඩුව සංචරණ සීමා ඉවත්කරන බව නිවේදනය කරයි

ඩෙල්ටා (B.1.617.2) ප්‍රභේදය ආසාදනය වූ 5 දෙනකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවීමත් සමඟ සමග වසංගතය පැතිරී යෑමේ අවදානම ඉහළ යාහැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබියදී ලබන සඳුදා (21) සිට සංචරණ සීමා ඉවත්කරන බව හමුදාපතිවරයා පවසා තිබේ.

දැනට ලංකාවේ පැතිරෙමින් පවතින ඇල්ෆා (B.1.1.7) වෛරස ප්‍රභේදයටත් වඩා සීග්‍රයෙන් පැතිරී යෑමේ හැකියාවක් ඇතැයි ලෙස සැලකෙන ඩෙල්ටා (B.1.617.2) ප්‍රභේදය සොයාගැනීමත් සමග රෝගය පැතිරී යෑමේ අවදානම ඉහළ යෑමට ඉඩකඩ වැඩි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසා තිබේ.

සම්පූර්ණයෙන් එන්නත්කරණය කරන ලද පුද්ගලයන් හට මෙම ඩෙල්ටා (B.1.617.2) ප්‍රභේදයෙනුත් බොහෝ දුරට සාර්ථක ආරක්ෂාවක් ලැබෙන බව පර්යේෂණ වාර්තාව මගින් පෙනී යමින් පවතින බව එම කාර්යාංශය පවසා ඇත.

අතර කිසිඳු එන්නතක් මගින් කිසිදු ප්‍රභේදයක් ආසාදනය වීමේ සම්භාවිතාව 100% කින් අඩු කරන්නේ නැති බවත් දැනට ලංකාව තුළ සිදු කරගෙන යන එන්නත්කරණය, පවතින ප්‍රභේද මෙන් ම මෙම නව ප්‍රභේදය නිසා ඇතිවන දරුණු කෝවිඩ් රෝගී තත්ත්ව සහ මරණ අවම කිරීමට ද යෝග්‍ය බව ඔවුන් සඳහන් කර සිටියි.

කොවිඩ් ආසාදන තත්ත්වයෙන් මිදීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පෙර පරිදිම මෙම නව ප්‍රභේදයටත් අදාල වන බව ද ඉතා වේගයෙන් පැතිර යා හැකි නව ප්‍රභේදය සොයා ගැනීමත් සමග, සෙනග ගැවසෙන ස්ථාන මෙන්ම, පිරිස් එකිනෙකාට ආසන්නයෙන් ගැවසෙන සංවෘත (එළිමහන් නොවන) අවකාශ මග හැරීම පිලිබඳ වඩාත් අවධානය යොමු කල යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

තවදුරටත් එම කාර්යාංශය කරුණු දක්වමින් සඳහන් කර සිටියේ, අන් ප්‍රභේදවල වගේම මේ ප්‍රභේදයෙත් රෝග ලක්ෂණ පහළ වීමට කාලයක් ගතවීමට හැකි බැවින් ඇතැම් විට සැලකිය යුතු රෝග ලක්ෂණයක් නොපෙන්වා වෛරසය ශරීරගතවී තිබෙනවා වෙන්නටත් පුළුවන් බවයි.

ආණ්ඩුව සංචරණ සීමා ඉවත්කරන බව නිවේදනය කර තිබෙන්නේ මෙවන් තත්ත්වයකදියි. එපමණක් නොව හමුදාපතිවරයා පවසන ආකාරයට දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 21 වෙනිදා අලුයම 4.00 ඉවත්කර නැවතත් 23 වෙනිද රාත්‍රී 10.00 ට සංචරණ සීමා පනවන බවත් 25 වෙනිදා අලුයම 4.00 දක්වා එය ක්‍රියාත්මක වන බවයි.

leave a reply