ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිවරණ ප්‍රචාරක රැස්වීම් වලට සහභාගි වෙමින් ඡන්දදායකයා වෙත අනිසි බලපෑමක් එල්ල කරන බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම මේ මොහොතේ තමන් සතුව පවතින ආණ්ඩු බලය උපයෝගී කරගෙන මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනතාවට වක්‍ර බලපෑම් එල්ල කරමින් සිටින බව අප ප්‍රකාශ කළේ අප්‍රියල් 8 වනදා “සමබිමක් නැති පළාත් පාලන මැතිවරණ භූමිය” යන ශීර්ෂ යටතේ ඉදිරිපත් කළ ලිපියෙනි.
https://vivaranews.com/archives/55177
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළ ගැබ්වී තිබෙන්නේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම ජයග්‍රහණය කරන පළාත් පාලන ආයතනවලට පැකිලීමකින් තොරව මුදල් ලබාදෙන බවත් වෙනත් කණ්ඩායමක් ජයග්‍රහණය කරන පළාත් පාලන ආයතන සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේදී දහස් වරක් සිතා බලන බවට දැන් කතාව වෙනස් කළද? මැතිවරණය ආරම්භ වූ මොහොතේ ඔහු ඇමතු ජන හමුවලදී කියා සිටියේ ජාතික ජන බලවේගයෙන් පිටත කණ්ඩායමක් ජයග්‍රහණය කරන පළාත් පාලන ආයතනවලට මධ්‍යම රජයෙන් වෙන් කරන මුදල් ලබා නොදෙන බවයි. ඔහු එම ප්‍රකාශය සාධාරණීකරණය කිරීම සඳහා ප්‍රකාශ කරන්නේ කලින් රට පාලනය කළ දේශපාලකයන් මහජන මුදල් නාස්ති කරමින් සොරාගත් බව පැවසීමයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශව ගණනාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත තම විරෝධය ප්‍රකාශ කර ලිපි යොමු කර තිබෙන බව දැනගන්නට තියෙනවා.
අප්‍රියල් 18 වන දා පැෆරල් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මැතිවරණ නීතිය උල්ලංඝනය කරන ප්‍රකාශයක් බව පෙන්වා දෙනවා .
එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයෙන් ඡන්ද දායකයාට අනියමින් බලපෑමක් එල්ල වන බවයි.
රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට සපථ කළ ඒ පිළිබඳව නායකත්වය ගත් හා මැතිවරණ සංස්කෘතිය යහපත් දිශානතියක් කරා යොමු කිරීමට ආදර්ශ සැපයූ දේශපාලන පක්ෂ නායකයෙකුගෙන් සමාජය මෙවැනි ප්‍රකාශ අපේක්ෂා නොකරන බවත් ජනාධිපතිවරයා ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවට බලාපොරොත්තු වන බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.
ජාතික ජන බලවේගයට බලය හිමිවන පළාත් පාලන ආයතන වලට අත දිගහැර මුදල් ලබා දෙන බවත් අනෙක් පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීමේදී දස වරක් සිතන බවටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කන්තලේ, මන්නාරම සහ තවත් ප්‍රදේශ කීපයක ජන හමු අමතමින් ප්‍රකාශ කර තිබුණා.
ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස දැඩි අවධානය යොමුවී ඇති බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියා.