සමහර ඡායාරූප තියෙනව වචන දහස් ගණනින් කියන්න තියෙන දේවල් කියවෙන.

හැමදේටම මිලක් තියෙන බව නොදන්න මේ හිත් එයාල ආස පුංචි පුංචි දේවල් ළං කරගන්න බැරුව මොනතරම් අසරණ වෙනව ඇත්ද?

ඇත්තටම මට මගේ පුංචි කාලෙ මතක් වුණා. මං දාන්න ආසාවෙන් හීන දැකපු ලස්සන සුදු පාට සපත්තු දෙකක් තිබුන . අරන් දීල තිබුනෙ දුඹුරු පාට සපත්තු දෙකක් . දුන්නු දේ බාරගත්ත ඇරෙන්න අපි දැන් ළමයි වගේ යුද්ධ ප්‍රකාශ කරල අවශ්‍ය දේවල් ලබාගත් අයත් නෙවෙයි නිසා ඉස්කෝලෙන් අස් වෙනකොටත් ඒ හීනෙ හීනයක්ම උනා. අම්මවත්, තාත්තවත් තවම දන්නෙත් නෑ මේ ගැන. ඉතිං ඒක හිතේ තියාගෙන හිටපු මම වැරදි එහෙම බැලුවම. නංගිට ළඟදි දවසක කිව්ව. එයාට දුක හිතෙන්න ඇති මට මේ දරුව ගැන හිතුන වගේම .

ම්ම්ම්.. දැන් මට මුදල් තියෙනව ඒ වගෙ , ඊටත් වඩා ලස්සන සපත්තු දෙකක් ගන්න. ඒත් දැන් ඉස්කෝලෙ යන්න බෑනෙ .

රුචි අරුචිකම්, අවශ්‍යතා කාලෙන් කාලෙට වෙනස් වෙනව. ඒ ඒ කාලෙට ඒව ලැබෙනවනම් / ලබාගන්නවනම් හොඳයි .

අපිටත් උත්සාහ කළොත් පුළුවන් පුංචි ඈයින්ගෙ පුංචි පුංචි හීන හැබෑ කරන්න පුළුපුළුවන් විදියට.. නේද ?

 

Share post:

Popular

වෙනත් පුවත්

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...