සමහර ඡායාරූප තියෙනව වචන දහස් ගණනින් කියන්න තියෙන දේවල් කියවෙන.

හැමදේටම මිලක් තියෙන බව නොදන්න මේ හිත් එයාල ආස පුංචි පුංචි දේවල් ළං කරගන්න බැරුව මොනතරම් අසරණ වෙනව ඇත්ද?

ඇත්තටම මට මගේ පුංචි කාලෙ මතක් වුණා. මං දාන්න ආසාවෙන් හීන දැකපු ලස්සන සුදු පාට සපත්තු දෙකක් තිබුන . අරන් දීල තිබුනෙ දුඹුරු පාට සපත්තු දෙකක් . දුන්නු දේ බාරගත්ත ඇරෙන්න අපි දැන් ළමයි වගේ යුද්ධ ප්‍රකාශ කරල අවශ්‍ය දේවල් ලබාගත් අයත් නෙවෙයි නිසා ඉස්කෝලෙන් අස් වෙනකොටත් ඒ හීනෙ හීනයක්ම උනා. අම්මවත්, තාත්තවත් තවම දන්නෙත් නෑ මේ ගැන. ඉතිං ඒක හිතේ තියාගෙන හිටපු මම වැරදි එහෙම බැලුවම. නංගිට ළඟදි දවසක කිව්ව. එයාට දුක හිතෙන්න ඇති මට මේ දරුව ගැන හිතුන වගේම .

ම්ම්ම්.. දැන් මට මුදල් තියෙනව ඒ වගෙ , ඊටත් වඩා ලස්සන සපත්තු දෙකක් ගන්න. ඒත් දැන් ඉස්කෝලෙ යන්න බෑනෙ .

රුචි අරුචිකම්, අවශ්‍යතා කාලෙන් කාලෙට වෙනස් වෙනව. ඒ ඒ කාලෙට ඒව ලැබෙනවනම් / ලබාගන්නවනම් හොඳයි .

අපිටත් උත්සාහ කළොත් පුළුවන් පුංචි ඈයින්ගෙ පුංචි පුංචි හීන හැබෑ කරන්න පුළුපුළුවන් විදියට.. නේද ?

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...