Breaking News

විචිත්‍රවත් අරගලය තුළ දායකත්වය විවිධයි

මේ ක්‍රිෂ්! ක්‍රිෂාන්ත රත්නායක එක්ක එයාගෙ සුන්දර පවුල. නිර්මාණශීලී, වෙනස් අදහස් එක්ක නැගුණු පවුලක බාල පුතා ක්‍රිෂාන්ත. දෙදාස් ගණන්වල මුල් යුගයේ අදුනගත්තු ක්‍රිෂ් සහ මා අතරෙ මිත්‍රකම අලුත් වුණේ 2018 අවුරුද්දෙ දවස් තුනක සංචාරයකට මම පැරිසියට ගිය වෙලාවෙ. මාව තමන්ගෙ ගෙදර නවත්වගෙන, ආගන්තුක සත්කාර යහමින් ඉටු කරපු සහෝදරයා ක්‍රිෂ්!

ක්‍රිෂ් ඒ වෙනකොට ප්‍රංශයේ ජීවත් වෙන්න පටන් අරගෙන. මටත් මාත් එක්ක පැරිසියට ගිය අචින්ත්‍යටත් (Achinthya Bandara) ඉහළින්ම සැලකුවෙ ඔහුගෙ ප්‍රංශ ජාතික බිරිද Audrey. අපිට නිදියන්න කාමරය දුන්නෙ පුංචි පුතු!

දැන් මේ සේරම අය ලංකාවට ඇවිත්. ක්‍රිෂ් හෙට පාන්දර 5ට මිනි මැරතන් එකක් දුවන්න පටන් ගන්නව කොට්ටාවෙන්. ඒකෙ කෙළවර, කිලෝ මීටර් 21ක දුරකට පස්සෙ, ගෝඨාගෝගම!

ක්‍රිෂ් මේ ජාතියෙ මැරතන් ප්‍රංශයෙදි දුවපු බව මම දැක්ක. ඔහුට පැරිසියේ සාපේක්ෂ වශයෙන් පහසු ජීවිතයක්ම ගත කර කර ඉන්න තිබුණ. ඔහු මෙහෙ එන්නෙ හැගීමකින්. ඒක ඔහුගේම වෝල් එකට අනුව මෙහෙම…

Please join my run against corrupted politicians and save mother Sri Lanka .
Release Ranjan
Justice for Easter Attack
Stop robbing public money
#GohomeGota
Date 30 Apr 2022
Start location kottawa
End Gota Go Gama Galle Face
Stating time Time 5 am

ක්‍රිෂ් භෞතිකව වැළදගන්න මම එතන හෙට නැහැ. ඒත් මම ඔහුට උණුසුම්ව සුභ පතනවා. ආදරය පිළිගන්න සහෝදරයා!!

#GoHomeGota2022

leave a reply